පුවත්පත් කලාව අතීතයේ සිටම පැවති ප්‍රබල සන්නිවේදන මෙවලමකි.පුවත්පත යනු කුමක්ද යන්න පිලිබදව විවිධ නිර්වචන පවතින අතර එහිදී
"මහජනතාව උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති වෙළෙඳ දැන්වීම් සාහිත්‍යය හා සම්බන්ධ කරුණු හා අනෙකුත් අංග ඇතුලත්ව දිනපතා හෝ සතිපතා හෝ පලකරන මුද්‍රිත මාධ්‍ය පුවත්පතකි.."
(ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය)
"අලුත් ආරංචි තොරතුරු ආදී ප්‍රවෘත්ති ජනතාවට දැන ගැනීමට සැලැස්වීම සදහා දිනපතා සතිපතා ආදී වශයෙන් නියමිත කාලවකවානු තුලදී පල කෙරෙන පත්‍රය පුවත්පතයි..."
(හරිස්චන්ද්‍ර විජේතුංග ප්‍රායොගික ශබ්දකෝෂය ).
පුවත්පත අතීතයේ සිටම පුද්ගල සන්නිවේදන අවශ්‍යතා ඉටුකරන මෙවලමකි .අතීත පුවත්පතට වඩා වර්තමාන පුවත්පත සෑම අංශයකින්ම සාරවත් වී ඇත.සෙසු සන්නිවේදන හා සාහිත්‍යමය ලියවිලි වලට වඩා වෙනස් ස්වරූපයක් එයින් පෙන්නුම් කරයි.අතීතයේ පුවත්පත යොදාගෙන ඇත්තේ යුධාරම්භය,සොර සතුරු භය,ගිනි භය ආදී භයානක ආරංචිද භාණ්ඩ මිල වෙනස් වීම ආදි ප්‍රවෘත්ති ද රට තොට වල සිදු වන නොයෙක් කටයුතු හා ක්‍රියා යනාදී බොහෝ දෑ සැල කරනු ලබයි.එමෙන්ම පුවත්පත හා සමජය අතර සම්බන්ධතාවයක් පවතී.එහිදී
- පුවත්පත ගුරුවරයකු ලෙස කටයුතු කරයි.
- පුවත්පත මුරකරුවෙකු ලෙස කටයුතු කරයි
- පුවත්පත මත පිරික්සන මණ්ඩපයක් ලෙස කටයුතු කරයි .
එමෙන්ම වර්තමානයේ පුවත්පත අතීත පුවත්පතට වඩා පුලුල් මාධ්‍යකි.එයට බලපාන හේතු අතර
- පුවත්පත අධ්‍යාපන මාධ්‍යකි.
- පුවත්පත සිද්ධීන් ගවේෂණය කරයි.
- පුවත්පත සංස්කෘතික වාහකයෙක් වෙයි
- පුවත්පත භාෂාව නිර්මාණය කරයි
- පුවත්පත තොරතුරු සපයන්නෙකි
- පුවත්පත රස උත්පාදකයෙකි.
මෙම මූලික කරුනු පෙරදැරි කරගෙන පුවත්පත ක්‍රියාත්මක වෙයි.එමෙන්ම වර්තමාන පුවත්පතේ විශේෂාංග ගත් කල ඒවා ඉතා සුවිශේශි වෙයි.එහිදී
- ප්‍රවෘත්ති විශ්ලේෂණ විශේෂාංග
- ගවේෂණාත්මක විශේෂාංග
- මානුෂීය හැගීම් දනවන විශේෂාංග
- ක්‍රීඩා විශේෂාංග
- පාරිසරික විශේෂාංග
- තීරු ලිපි
- කාටූන්
ලෙස දැක්විය හැක.මෙම විශේෂාංග වලින් නිර්මාණය වූ පුවත්පත අද වන විට පාඨකයාගේ විශ්වාසය දිනා ගත් සුවිශේශි සන්නිවේදන මෙවලමක් ලෙස දැක්විය හැකිය ..
පේෂලා වඩුගේ ....