වර්තමාන පුවත්පත් කලාවේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී අංගයක් ලෙස තීරු ලිපිය දැක්විය හැකි වෙයි.සම්මත පුවත්පත් කලාවේ සීමා බන්ධනයන් පමනක් නොව ඒ හා සබැදි රීතීන්ද අතික්‍රමණය කරමින් ඉදිරියට යන මෙම තීරු ලිපි කලාව කෙබඳුද යන්න විමසීමට ලක් කර බලන කල තීරු ලිපි රචකයා වනාහි අතිශය නිර්මාණශීලි පුද්ගලයෙකි. මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රවීණ ලේඛක දිවයින පුවත්පතේ ප්‍රදාන කතෘ ගාමිණී සුමනසේකර මහතා සදහන් කරන්නේ තීරු ලිපි රචකයා අසාමාන්‍ය ප්‍රතිභාවකින් හෙබි ලේඛකයෙකු බවත් භාෂාව පිලිබදව මනා අවබෝධයක් ඇත්තෙක් බවත්ය .මාධ්‍ය ක්ෂේත්‍රය තුල තීරු ලිපි යන්න සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ column නමිනි.ලෝකයේ සෑම රටකම පලවන පුවත්පත්වල තීරු ලිපි වෙනම විශේෂාංගයක් වෙයි.මෙම තීරු ලිපියේ විශේෂ ලක්ෂණ ලෙස
- බොහෝ විට තීරු ලිපි ලියන රචකයාගේ නම අන්වර්ථ ය.
- බොහෝ විට තීරු ලිපිය පත්‍රයක පලවන්නේ නිරතුරුවම පලවන නිශ්චිත වූ එකම පිටුවක එකම ස්ථානයකය.
- වැදගත්ම කරුණ වන්නේ තීරු ලිපි රචකයා භාවිතා කරන වයක්ත භාෂාවය.
- තීරු ලිපියක් යනු උපහාසය මතු කරමින් ඉතා තියුණු ලෙසත් නිර්දය ලෙසත් සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට දේශපාලකයන්ට පහර දෙන ලියවිලි විශේෂයකි.
කෙසේ වුවද සමස්ථයක් වශයෙන් ගත් කල පොදු ජනයාගේ හිත සුව පිණිස ලියවෙන ලියවිල්ලක් සේ සදහන් කල හැකි ය.මෙහි ඉතා සුවිශේෂී ලක්ෂණයක් ලෙස නිරවුල් බව දැක්විය හැකිය.එහෙත් මේ සියල්ල රදා පවතින්නේ රචකයාගේ නිර්මාණශීලිත්වය සහ තම ප්‍රස්තුතයන් පිලිබද කරනා සාර්ථක හෝ අසාර්ථක විග්‍රහයන් මතය.එමෙන්ම තම අරමුණු හා ඉලක්ක වඩා සංෂිප්තව ගොනු කිරීම මතය.එ නිසාවෙන් අනයවශය හෑලි විනා අවශ්‍ය කරුණුද මගහරිමින් අතයවශ්‍ය කරුණු පමනක් තම ලිපියට අදාල කර ගන්නේ නම් එය සාර්ථක තීරු ලිපි රචකයෙකුගේ සමර්ථභාවය වෙයි..
පේෂලා වඩුගේ ...
No comments:
Post a Comment