සේනා දළබුවා..
පසුගිය කාලවකවානුවේ ලංකාවේ නිතර කතාබහට ලක් වූ මාතෘකාවක් ලෙස සේනා දළබුවා දැක්වීමට හැකි වෙයි.මෙහිදී මෙම සත්ව විශේෂයෙන් වැඩිපුර හානි පමුණුවා ඇත්තේ අනුරාධපුර පොලොන්නරුව මොනරාගල ආදී වියලි කලාපීය ගොවිබිම්වල ජනතාවයි.මොවුන් වැඩි වශයෙන් බඩ ඉරිගු වගාවන්ට මෙසේ හානි පමුණුවා ඇත.මෙම්ස් සත්ව විශේශයට එක් රැයකදී අක්කර සිය ගණනක භෝග වගාවක් කා දැමිය හැකි සහ භෝග ප්‍රභේද සිය ගණනකට පහර දිය හැකි බව වාර්ථා වෙයි.සේනා දළඹුවන් යනු සන්ධිපාදකයින් හෙවත් ආත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා වර්ගයේ ලෙසිඩොස්ටෙරා ගෝත්‍රයට අයත් spodopters frugiperda නම් සලඹයෙකුගේ කීට අවස්තාවයි.මේ සලඹයාගේ විශේශත්වය වන්නේ මොවුන් එක් වරකට බිත්තර 100 සිට 1000 දක්වා ප්‍රමාණයක් දැමීමයි.එමෙන්ම මෙම සලඹයා එක් රාත්‍රියකදී කිලෝමීටර 100 කට ආසන්න දුරක් පියෑඹීමට සමත්කම් දක්වන බවත් කියවේ.එමෙන්ම මෙම සලඹයෙකුගේ කීට අවස්ථාව වී තිරිඟු හා බඩ ඉරිගු වැනි භෝග වර්ග 80 කට අධික සංඛ්‍යාවකට හානි කරන බව ලෝක ආහාර සහ කෘෂිකර්ම ආයතනය පවසයි.මෙම භෝග අතරින් මෙම දළඹුවා වඩාත් ප්‍රිය කරන්නේ බඩ ඉරිගු ශාකයටයි.මෙම සලඹයෙකුගේ සම්පූර්න ජීවන චක්‍රය දින 25-30 ත් අතර වෙයි.සුහුබුලා දමන් බිත්තර දින 3 කදී පමන පුපුරා කීට අවස්තාව වන සේන දළඹුවා බිහි වෙයි.මෙම කීට අවස්ථාව ශාකයේ කොටස් කා දමමින් දින 12 ක් පමණ වර්ධනය වෙයි.මෙහිදී මොවුන් සිහින් මකුළුදැල් වැනි කෙදිති භාවිතා කරමින් වෙනත් ශාක වෙත ගමන් කිරීමටද සමත්කම් දක්වයි.දිවා කාලයේදී ශාකයේ ගොබය ආශ්‍රිතව සැගව ගත කරන මෙම දළබුවා වඩාත් සක්‍රීය වන්නේ රාත්‍රී කාලයේදීය.
එමෙන්ම මොවුන් ලංකාවට ආගන්තුක සත්ව විශේශයෙකි.එම නිසා මොවුන් ආහාරයට ගන්නා ස්වභාවික සතුරු සතුන් මේ පරිසරවල හමු නොවන අතර මොවුන්ට ඉතා පහසුවෙන් බෝවීමේ ඉඩප්‍රස්තා ඇත .එමෙන්ම මොවුන් බිත්තර දැමීමේදී එක් වරකට විශාල බිත්තර ප්‍රමාණයක් දැමීම නිසා විශාල දලඹු ප්‍රමාණයක් එක් වර බිහි වෙයි .එබැවින් මොවුන් විනාශ කිරීම ඉතාමත් අපහසු කරුණකි.මෙම සේනාදළඹුවාට විවිධ දේශගුණික තත්වයන් යටතේ ආරක්ෂාකාරීව ජීවත් වීමේ සහ පැතිරවීමේ හැකියාව තිබෙන බැවින් සහ පළිබෝධනාශකවලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන බව ඔප්පු වී ඇති බැවින් තත්වය ඉතා භයානක වෙයි.විශේශයෙන්ම එම තත්වය ලෝක ආහාර සුරක්ෂිත තාවයට බරපතල අභියෝගයක් වන බවට තීන්දු කළ එම සංවිධානය විසින් ලෝකය පුරා සිදු කෙරෙන පාලන වැඩසටහනක් සදහා ඇමරිකානු ඩොලර් මිලියන 19 ක මුදලක් වෙන් කල බව වාර්ථා වෙයි.
ලංකාවේ සේනා දළඹුවාගේ කරනු ලැබූ විනාශය බොහෝ ජනමාධ්‍යයන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබූ අතර මොවුන් පිලිබදව ලංකාවේ සියලුම ප්‍රදේශයන්හි කථාබහට ලක්විය.කෙසේ වෙතත් අද වනවිට නම් මෙම පුවත යම්තාක් දුරකට යටපත් වී ඇත...
පේෂලා වඩුගේ ..
Wednesday, 17 July 2019
Subscribe to:
Post Comments (Atom)
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
පුවත්පත් තීරු ලිපි කලාව... වර්තමාන පුවත්පත් කලාවේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී අංගයක් ලෙස තීරු ලිපිය දැක්විය හැකි වෙයි.සම්මත පුවත්පත් කල...
-
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
රාත්‍රිය..... කාර්යබහුල ලෝකයෙන් මොහොතකට මිදී චංචලත්වයෙන් ලෝකයම එකළු කල රාත්‍රියේ හැඩය විඩාවට ඔසුවකි කුටුම්භ දිවියට සතුට කැන්දමින්...
No comments:
Post a Comment