වර්තමානයේ පුද්ගලයන්ට වැලදෙන රෝග අතරින් ඉතාමත් භයානක රෝගී තත්වයක් ලෙස ඩෙංගු රෝගය දැක්විය හැකිය .මෙය වෛරසයක් මගින් බෝවන රෝගයකි .මෙහි රෝග ලක්ෂණ ලෙසින්
- ක්ෂණිකව හට ගන්නා තද උණ
- තදබල හිසේ කැක්කුම
- මාංශපේෂි හා හන්දිපත් රුදාව
- සමෙහි ඇති වන පැල්ලම්
දැක්විය හැකිය.ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගයකි.එනම් ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් ය.ඔවුන් වැඩිපුර දෂ්ට කරනුයේ දහවල් කාලයේදී ය.ඩෙංගු වෛරසය කාණ්ඩ 4කි.ඒවා 1,2,3,4ලෙස වෛද්‍ය විද්‍යාවේ නම් කර ඇත.මෙම ඩෙංගු වෛරසය ප්‍රතිශක්තිකරණ කිසිවක් තවම සොයාගෙන නැත.එම නිසා ප්‍රතිකාර ලෙස පලමුව සිදු කරන්නේ උණ වැලදී දින දෙකකින් පමණ සිදු කරන රුධිර පරීක්ෂණයක් මගින් නිශ්චිතව රෝගය හදුනා ගැනීමයි.හැකි තරම් වතුර ,පලතුරු යුශ ,ජීවනී වැනි දියර වර්ගද සේලයින් ප්‍රතිකාර දීමද යන ඒවා ඉන් අනතුරුව කරනු ලබයි .ඩෙංගු රක්තපාත ඇති රෝගියෙකු නම් තෙවන දිනයේ සිට සජලනය කල යුතුය.
ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති මෙම මාරාන්තික ඩෙංගු රෝගය වර්තමාන සමාජයට දැඩි බලපෑමක් එල්ල කරනු ලබන රෝගයකි.1960න් පසු ඩෙංගු රෝගයෙහි පැතිරීම ඉතා සීග්‍රයෙන් වැඩි විය.අද වන විට ලොව පුරා මිලියන 50-100ත් පමණ ප්‍රමාණයක් ඩෙංගු රෝගයෙන් වසරකට පීඩා විදිති.තමන් අවට පරිසරය නිතර පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු රෝගය තුරන් කර ගැනීමට හැකි වෙයි.....
පේෂලා වඩුගේ ...
No comments:
Post a Comment