Thursday, 11 July 2019

ලක්දිව පෙරහැර සංකල්පයේ ආරම්භය..

පෙරහැර යන වචනය පරිහාර ශබ්දයෙන් උපන් වචනයක් බවයි.මෙහි සාමානය අර්ථය ප්‍රථමයෙන් ගෙනයාම ගරුබුහුමන් දැක්වීම ආදියයි.මෙම පෙරහැර සංකල්පයෙහි ආරම්භය හා විකාශය සදහා හේතු කීපයක් බලපා ඇත.

  1. දේශපාලනික හේතු
  2. සංස්කෘතික හේතු
  3. ආර්ථික හේතු
  4. මානසික හේතු.
දේශපාලන හේතු දෙසට අවධානය යොමු කරන කල පෙර රජ වරුන් තමන්ගේ අභිමානය ප්‍රෞඩත්වය රාජ්‍ය ලීලාව ප්‍රදර්ශනය කිරීම සදහා ඇත්,අස්,රිය,පාබල යන චතුරංගනී සේනවෙන් යුක්තව මහ පෙරහරින් ගමන් ගත් අවස්තා ඉතිහාසයේ සදහන් වෙයි.රජතුමා ගමන් ගන්නා මග දෙපස සැරසීම ,මහා මාර්ගයට සුදු වැලි ඇතිරීම ,ධජ පතාක එසවීම,සිදු වෙයි.ජීවක වෙද මහතා සමග බුදු රදුන් බැහැ දැකීමට යන අජාසත් රජතුමා ඇතා පිට නැගී පෙරහරින් බුදුරජානන් වහන්සේ වෙත ගමන් ගත් බව එක්තරා සූත්‍රයක දැක්වේ.

සංස්කෘතික හේතු දෙසට අවදානය යොමු කර බලන කල දේශපාලන නායකයන් මෙන්ම ආගමික නායකයන් දාන වලට වඩම්මන අවස්ථාවල මෙන්ම ගම් දනව් සැරිසරා ගමන් කරන විට පේලියකට වැඩියහ..උන් වහන්සේලාගේ ගමන ශාන්ත විය.සකල ලෝවාසි ජනයාට හිත සුව පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස උන් වහන්සේලා පෙලට වැඩියහ .උන් වහන්සේලා වඩින මග දැනගත් සැදැහැවතුන් මග දෙපස අලංකාර කලහ.දීපංකර පාදමූලයෙහි නියත විවරණ ලබන සුමේධ තාපසයා මග දෙපස අලංකාර කලේය.මඩගොහොරුව සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට බැරි වූ නිසා මඩගොහොරුවෙහි දිගාවී බුදු බව ප්‍රාර්තනා කලේය ධජ පතාක රැගෙන සාධුකාර නාදයක් පවත්වා බුදු ,පසේ බුදු,මහ රහත් දාන වලට වැඩමවීම සංස්කෘතිකමය වශයෙන් හා ආගමික වශයෙන් පෙරහරේ ආරම්භය විය හැකිය.

ආර්ථික හේතු දෙසට අවධානය යොමු කරන විට ලංකාව කෘෂිකාර්මික රටකි.ආර්ථික වශයෙන් රට ස්වයංපෝෂිත කර ගැනීමටත් ගොවිජනතාවගේ ආර්ථික අවශයතා සපුරා ගැනීමටත් වර්ශාව ඉතා වැදගත් වෙයි.වැස්ස ලබා ගැනීමට නම් වැස්ස අනුකරණය කල යුතු බව පැරැන්නෝ සිතූහ.වැසි නොලැබුනහොත් සියලු කෘෂිකාර්මික භවබෝග විනාශ වී යන්නේය.එම නිසා බුදුරදුන්ට කරන පූජාවක් මෙන්ම බෞද්ධයන්ගේ ආර්ථිකය සංවර්ධය කර ගැනීමටත් වැස්ස වලාහක දෙවියන්ගේ පිහිට ලබාගැනීමටත් මෙම පෙරහරින් බෞද්ධයන් අපේක්ශා කලහ.වැස්ස වහින්නට මත්තෙන් එන අකුනු ගැසීම් විදුලි කෙටීම් වැහි වලාකුළු ආදිය මේ පෙරහරේ අංගයන් ලෙස දක්නට ලැබේ.මේ පෙරහර අවසන් වන්නේ වැහි පොද වැටෙන පරිදි දිය කැපීමේ මංගල්‍යයෙන් බව ජේ.බී දිසානායක මහතා පෙන්වා දෙයි...මෙලෙසින් පෙරහරේ ආරම්භය පිලිබද විවිද මත පවතියි..

No comments:

Post a Comment

පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...