මේ නගරය......
මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනුනගරයයි
වැව් ඉවුරේ දිය රල
පෙර සේම බිදෙනවා
නුග ගස් පෙල
අප නැතුවත්
තව දළුලනවා
සරසවි බිම කදු රැල්ලෙන්
එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත්
එහි යන්න හිතෙනවා....
ඔබ අත ගෙන
ගිය වීදියෙ
ඈ හා යනවා
සිගිති පුතා
අතැගිල්ලක
එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම්
යලි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි
කියා සිතෙනවා...
සරසවිය ආදරයට ලෙංගතු තෝතැන්නකි.ඈත එපිට ගම් දනව් වල හිද සරසවි සිහිනය සැබෑ කර ගත් පිරිස එකම පවුලක් සේ සරසවියේ මිතුදම් ගොඩ නගා ගනී.එහිදී ඇති වන සබඳතා අතරින් සරසවි ප්‍රේමය ඉතාමත් සුන්දර වූවකි.සරසවි දිවියේ ඇති කටුක බව සුන්දර වූ ප්‍රේමයෙන් වසා ලීමට හැකි වෙයි..
මෙම ගීතය සරසවි ප්‍රේමය පසුබිම් කරගෙන ලියවුනු ගීත අතරින් ඉතාමත්ම ජනප්‍රිය ගීතයකි.එහිදී ලංකාවේ සරසවි අතරින් සුන්දරත්වයෙන් උපරිමයට ලගා වී ඇති පේරදෙණිය සරසවිය ගීතයට ඈදා ගෙන ඇත.සරසවි ප්‍රේමයේ සුන්දරත්වය එලෙසින්ම විද ගැනීමට මෙය අපූර්ව තෝතැන්නකි..මෙහි මුල් පද මාලාවෙන් කියවෙන්නේ සරසවිය ඔවුන් මුණගැස්සවූ බවකි..එමෙන්ම මුණගැස්සවූ එම නගරයම ඔවුන් වෙන් කර ඇති බවක් ද්ක්වයි.ගීතයේ දැක්වෙන ආකාරයට අතීත ආවර්ජනයක් ගීතය තුලින් සිදු කරයි.එහිදී සරසවිය හා බැදුනු සුන්දර ස්ථාන දකින් ඔහුට ඒවා පිලිබද මතකය අලුත් වීමක් ඇති වෙයි.එමෙන්ම වැව් ඉවුර,නුග ගස් පෙල ,ඈතට විහිදී යන ක්දු රැල්ල ආදියෙන් ඔහුගේ අතීතය නිබදවම ඔහුට මතකයට නැගෙයි.ප්‍රේමයේ අතීත මතක නැවත ඉස්මතු වෙයි.
නමුත් දැන් අතීතය ගෙවී ගොස් ඔහු සරසවි ප්‍රේමයෙන් පැරදී වෙනත් ස්ත්‍රියක් හා විවාහ වී සිටින බවක් ගීතයෙන් කියවෙයි.එහිදී ඔහු ඒ කාලයේ ඇය සමගින් ගිය වීදියේ අද තම බිරිද සහ පුතු සමගින් ගියද අතීත මතක සැමරුම් ඔහුගේ සිත පාරන බවක් ගීතයෙන් ඉස්මතු කරයි.සරසවි ප්‍රේමය කොතරම් සුන්දර වුවත් එය විවාහයෙන් කෙලවර වන්නේ ඉතාමත් සුලු වශයෙනි.එහිදී සර්සවි ප්‍රේමය සරසවියට පමණක් සීමා වූවක්ද යන්න සිතට ඇතිවන පැනයකි.....
පේෂලා වඩුගේ ...
Thursday, 4 July 2019
Subscribe to:
Post Comments (Atom)
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
පුවත්පත් තීරු ලිපි කලාව... වර්තමාන පුවත්පත් කලාවේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී අංගයක් ලෙස තීරු ලිපිය දැක්විය හැකි වෙයි.සම්මත පුවත්පත් කල...
-
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
රාත්‍රිය..... කාර්යබහුල ලෝකයෙන් මොහොතකට මිදී චංචලත්වයෙන් ලෝකයම එකළු කල රාත්‍රියේ හැඩය විඩාවට ඔසුවකි කුටුම්භ දිවියට සතුට කැන්දමින්...
No comments:
Post a Comment