වත්මන් සමාජයේ පිලිකා රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙයි.මීට පෙර කාලයේ නොඇසූ තරමට පිලිකා රෝගින්ගේ වර්ධනයක් මෙම කාලයේදී දැකිය හැකි වෙයි..වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු යුගයක් වුවත් පිළිකාවට නිසි ප්‍රතිකාර තවමත් සොයාගෙන නොමැත.පිලිකා ඇති වීමට බොහෝ හේතු සාධක ඇත.එහිදී එයින් මුල් තැනට පත් වන්නේ එක් හේතුවකි.එනම් මහළු වියේදී පිලිකා සුලභය යන හේතුවයි.මේ අනුව ආයු අපේක්ෂාව ඉහල යාමක් නිතැතින්ම සිදු වෙයි.
එංගලන්තයේ ඇමරිකාවේ පිලිකා රෝගීන් වැඩි වශයෙන් හමුවීමට මූලික වන ප්‍රධාන හේතුව මෙයයි.අපේ රටේද දැන් වැඩි වශයෙන් පිලිකා රෝගීන් හමුවීමට මෙය ප්‍රධාන හේතුවයි.බොහෝ බටහිර රටවල මේ පිළිකා අවධානම ඉහල යද්දී ජනතාව ඒ පිලිබදව අවධානය ඉන් ආරක්ෂා වීමේ උපාය මාර්ගවල නිරත වූවත් අපේ රටේ ජනතාව අතර එවන් උනන්දුවක් දක්නට නොලැබීම එක් අතකින් අවාසනාවකි.පිලිකා සම්බන්දයෙන් සහ ඒවායෙන් වැලකීම සම්බන්දයෙන් අපේ සාමාන්‍ය ජනතාවගේ දැනුම අපේක්ෂිත අවමයටත් වඩා අඩුය.
පිලිකාවට කොයි කවුරුත් බොහෝ බය වෙයි.තිගැස්මක් ඇති වුවත් දියවැඩියාවට අධි රුදිර පීඩනයට එතරම් බියක් දැනෙන්නේ නැත.ඇතැම් පිලිකා අපගේ ඇවතුම් පැවතුම් මත හදාගන්නා ඒවාය.ආයාසයෙන් ඇතිවන පිලිකාද ඇත.පිලිකාවක් ඇති වන්නේ කෙසේද යන්න විමසූ විට අසාමාන්‍ය ලෙස බෙදෙන එහෙත් ස්වභාවධර්මය අනුව මිය නොයන සෛල විශේෂ නිසා පිලිකා ඇති වෙයි.සාමාන්‍යයෙන් සිරුර තුල පවත්නා සෑම සියළු සෛලයකටම වර්ධනීය අදියරක් ගුණනය වන අදියරක් මෙන්ම එම සෛල මිය යන අදියරක් ද පවතී.මේ ආකාරයට මේ ආකාරයට සෛලයක් ඇතිවීම ,පැවතීම,නැතිවීම ස්වභාවයයි.වයසට යන සෛලයක් බෙදීමේදී නියමාකාරයෙන් බෙදීම සිදු නොවී ඇතුවන අසාමාන්‍ය සෛල ශරීරයෙන් ඉවත් කිරීමට පවත්නා ස්වභාවික ආරක්ෂාකාරී ක්‍රියාවලිය Apoptosis ලෙස හැදින්වේ.නමුත් පිලිකා සෛල වර්ධනය වුවත් විනාශයට පත්වන අදියරට පැමිණීම එක් එක් පිළිකා විශේෂයට අනුව සිදුවෙයි.සාමානයෙන් සෛල බෙදීමකට ජාන විශේශ 4, ක් හේතු වෙයි.
- කොයි වෙලාවේ සෛල බෙදිය යුතුද යන්න තීරණය කරන oncogenes ජාන.
- කොයි වෙලාවේ සෛල නොබෙදිය යුතුද යන්න නියෝග කරන Tumour suppressor ජාන.
- කල් යල් බලා යම් දෝශ සහගත තත්වයක් සෛලයේ ඇති විට සෛලයට විනාශ වීමට නියෝග නිකුත් කරන apoptosis ක්‍රියාවලිය උද්දීපනය කරන suiside ජාන.
- ආපදාවට පත් DNA වෙතොත් එය අලුත් වැඩියා කරන DNA Repair ජාන
- අස්ථි හා පේශි සම්බන්ධ සාධක මත හට ගන්නා පිලිකා
- වසාගැටිති හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇසුරු කරගෙන හටගන්නා පිලිකා
- රුධිරය ආශ්‍රිතව හටගන්නා පිලිකා
- ශරීරයේ අපිච්චද ආශ්‍රිත ඇතිවන පිලිකා.
- ශල්‍යකර්ම
- ප්‍රවිකිරණය
- කීමෝ තෙරපි
- ජාන චිකිත්සාව
No comments:
Post a Comment