සැමට පොදු වූ නීතිය.
නීතිය වූ කලී සමාජය පාලනය කරන්නකි.මෙයට විවිධ වූ අර්ථකථන ඇත.එහිදී සමාජයේ ජීවත් වන්නන් කීකරු විය යුතු හෙවත් අවනත විය යුතු රීතීන් සමූහයක් නීතිය වෙයි.
"නීතිය යුක්තිය පසිදලීමේ කාර්යයේදී රජයක් විසින් පිලිගනු ලබන්නාවූ සහ යොදා ගනු ලබන්නාවූ මූලධර්ම සමූහයක එකතුවකි."
කොයි ආකාරයකින් අර්ථ දැක්වුවද සමාජයක විනාශය හෝ පරිහානිය නොව එහි පැවැත්ම හෝ ආරක්ෂව සදහා සකස්වූ පිලිපැදිය යුතු රීතීන් නීතිය වශයෙන් හදුනාගත හැකිය.මෙම නීති පද්ධතීන් රටකින් රටකට පාලන තන්ත්‍රයකින් පාලන තන්ත්‍රයකට වෙනස් විය හැකිය.දියුණු සමාජයක් ගත් කල නීති පද්ධතීන්හි දක්නට ලැබෙන දියුණු ලක්ෂණ නොදියුණු සමාජයක නීති පද්ධතීන්හි දක්නට නොහැකිය .පිටත සිට බැලීමේදී එකී නොදියුණු සමාජයේ නීති පද්ධතියේ අසාධාරණ සහ අමානුෂික බවක් දැකිය හැකි වුවද ඒවා එම සමාජයේ මිම්මෙන් බැලූ කල එකී සමාජ රටාවට සරිලන සාධාරණත්වයෙන් යුක්ත බව පිලිගැනීමට සිදු වෙයි.අප ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තවමත් ඉතිරි වී ඇතැයි කියන සමාජයකය.අපට පාලන ක්‍රමයක් ඇත.ඒ පාලන ක්‍රමයේ මූලික අත්පොත ලෙස සැලකෙන ආණ්ඩක්‍රම ව්‍යවස්තාවක් අප සතුව පවතී.
නීතිය සමාජයක ජීවත්වන සෑම වැසියෙකුගේම ජීවිතය හා බැදී පවතී.කෙනෙකුගේම උපතේ සිට මරණය දක්වා වූ ජීවිතයේ සෑම අවස්තාවකදීම නීතියේ අවශ්‍යතාව මතු වෙයි.එය සාමාන්‍යය පිලිගැනීමයි.පුලුල්ව සලකා බැලීමේදී උපතටත් පෙර සිට මරණය දක්වාත් මරණයෙන් පසු කාල සීමාව දක්වාත් නීතියේ බලපෑම පවත්නා බැව් පැවසිය හැකිය.එමෙන්ම ශිෂ්ඨ සම්පන්න සමාජයකට සංවිධිත නීතියක් අතයවශ්‍ය බව දැක්විය යුතුය.නොදියුණු සමාජයන්හි පවා නීතීන් නොවුවද රීතීන් වැඩි සමාජය යම් පදනමක පිහිටුවා ගැනීමේ දක්නට ඇති නිසාය.අපි කිසියම් පාලන පක්ෂයකින් පාලනය වන පාලිතයෝ වෙමු.හොදින් දන්නා පරිදි නීති පැනවෙන්නේ අපගේ වරණයෙන් හෙවත් කැමැත්තෙන් අප පාලනය කිරීමට වරම් ලබන පාලන කොට්ඨාසයකිනි.ලංකාවේ නම් පාර්ලිමෙන්තුව මගින් නීති සම්පාදනය කෙරේ.පාලකයෙක් වූ පමනින් තනි කැමැත්තට නීති සම්පාදනය කල නොහැකිය .නමුත් බහුතරයේ කැමැත්ත මත නීතියක් සම්පාදනය කල හැකිය.මෙම සෑම නීතියක්ම සම්පාදනය කිරීමේදී ප්‍රකාශ කෙරෙන්නේ ජනතාවගේ යහපත සහ සුබ සිද්දිය උදෙසා ඒවා පැනවෙන බවයි.ඇතැම් මත දාරීන් මේ නිසාම එම නීතිය පාලකයන් විසින් පාලිතයන් තම අභිප්‍රායන් සදහා හික්මවා ගැනීම පිණිස පනවා භාවිතාවේ යෙදවීමට ගෙන එන ලෝගුවකින් වැසූ කැපෙන ආයුධයක් හෝ උරුක් කල දබරගිල්ලක් සේ විග්‍රහ කරති .ඒ ඔවුන්ට අවශ්‍ය නීතිය මිස අපගේ නීතිය නොවේ යන්න ඇතමුන්ගේ අදහසයි.
කරුණු කෙන්සේ වුවද මිනිස් වර්ගයා පවතින තාක් කල් නීති පැනවීම සෑම පාලන ක්‍රමයක් මගින්ම සිදු වීම නොනවතින බව පිලිගත යුතය.එසේ නම් පැනවිය යුතු සහ පැනවිය හැකි නීතියට අවනත විය යුතුය.එමෙන්ම ඕනෑම සමජයක ජීවත්වීමට නීතිය පිලිබද යම් දැනුමක් අවශ්‍ය විය යුතුය.නීතිය යනු සමාජයක ජීවත් වන්නන්ගෙන් එකිනෙකාට ඉටු විය යුතු යුතුකම් වගකීම් හා ඒවායේ සීමාවන් සම්බන්ද රීතීන් පද්ධතියක් යනුවෙන් හදුනාගන්නේනම් එවැනි නීතීන් පිලිබදව දැන සිටීම පුද්ගලයෙකුට ඉතා වැදගත් වෙයි..
පේෂලා වඩුගේ .
Tuesday, 9 July 2019
Subscribe to:
Post Comments (Atom)
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
පුවත්පත් තීරු ලිපි කලාව... වර්තමාන පුවත්පත් කලාවේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී අංගයක් ලෙස තීරු ලිපිය දැක්විය හැකි වෙයි.සම්මත පුවත්පත් කල...
-
පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...
-
රාත්‍රිය..... කාර්යබහුල ලෝකයෙන් මොහොතකට මිදී චංචලත්වයෙන් ලෝකයම එකළු කල රාත්‍රියේ හැඩය විඩාවට ඔසුවකි කුටුම්භ දිවියට සතුට කැන්දමින්...
No comments:
Post a Comment