Tuesday, 30 July 2019

පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය ....


පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහුණ දීමේදී ඔහු තුල ඇති වන ප්‍රතිචාරාත්මක තත්වයක් මානසික ආතතිය ලෙස හදුන්වයි .කැනේඩියානු ජාතික කායික වෛද්‍යවරයකු වන හෑන්ස් මානසික ආතතිය නිර්වචනය කරනු ලබන්නේ ඕනෑම පීඩාකාරී අභියෝගයකට පුද්ගලයාගේ ශරීරයේ ඇති වන ප්‍රතික්‍රියාවක් ලෙසයි.මනෝවිද්‍යව පිලිබදව මහාචාර්ය රොබට් එස් ෆෙල්ඩ් මාන් මානසික ආතතිය අර්ථ දක්වා ඇත්තේ "පුද්ගලයා විසින් අභියෝගාත්මක හෝ තර්ජනාත්මක සිදුවීම් වලට දක්වන ප්‍රතික්‍රියාවක් ලෙසයි." අපි සෑම කෙනෙක්ම මානසික ආතති අවස්ථාවන්ට භාජනය වන්නෙමු.එදිනෙදා මානසික ආතති හට ගන්නා අවස්ථා කීපයක් ලෙසින්


  • උදේ රැකියාවට යාමට පිටත් වූ විට වාහන තදබදයට කොටු වීම
  • කාර්‍යාලය රැකියාව කරන විට පියාට පපුවේ රෝගයක් ඇති වූ බව දක්වමින් දුරකථන ඇමතුමක් ලැබීම
  • පෙම්වතා හෝ පෙම්වතිය හෝ ප්‍රශ්නයක් මුල් කර ගෙන වෙන්වීමට තීරණය කිරීම
  • හොදම මිතුරා හෝ මිතුරිය අමනාප වීම
  • බිරිදගේ හෝ ස්වාමියාගේ වෙනත් සබදතාවයක් ආරංචි වීම
  • අධික වශයෙන් වැඩ ගොඩ ගැසී තිබීම

මානසික ආතතිය යනු එදිනෙදා ජීවිතයේදී ඕනෑම පුද්ගලයෙකු තුල ඇතිවිය හැකි හා සාමාන්‍ය මිනිස් ජීවිතයෙන් බැහැර කල නොහැකි බාල මහළු තරුණ ගැහැනු හැසිරීම් යන කාහට වුවද තම ජීවිත කාලයේ කුමන අවස්තාවක හෝ ඇතිවිය හැකි ප්‍රතිචාරාත්මක තත්වයකි.එය වේදනාකාරි හා පීඩාකාරී තත්වයක් ලෙස පුද්ගලයාට දැනේ.

වර්තමානයේ පවතින තරගකාරී සමාජයේ ජීවත් වෙමින් වේගවත් ජීවිත ගමනක යෙදෙමින් ඉතා සුළු කාලයක් තුල අධික වැඩ රාජකාරී ප්‍රමාණයකට හා මනසට දරාගත නොහැකි අධික ගැටළු ප්‍රමාණයකට මුහුන දෙමින් අවිවේකීතාවයෙන් පෙලෙන බොහෝ දෙනා මානසික ආතතියට භාජනය වෙයි.වර්තමාන සමාජයේ මුදල් හා මුසුව ගලා යන නව දැනුම හා නව තාක්ෂණය හමුවේ මිනුසුන්ගේ අපේක්ෂාවන් දිනෙන් දින වෙනස් වෙමින් අධික වන අතර එම අපේක්ෂාවන් අධික වන විට ඔවුන්ගේ අවශ්‍යතා ද අදික වෙයි.මෙම තරගකාරී බව මානසික ආතතිය ඇති කර්යි.
වර්තමානයේ බොහෝමයක් මිනිසුන් තුල මෙම මානසික ආතතිය නිර්මාණය වීඇත.ඒ හේතුවෙන් බොහෝ ගැටලු සමාජයේ නිර්මානය වීතිබෙයි. .මානසික ආතතිය පුද්ගල මනසට විඩාවක් ගෙන දෙයි.එමෙන්ම එම විඩාව මගින් පුද්ගල අසහනයක් නිර්මාණය කරයි...

Monday, 29 July 2019

ලොවක් කැළඹූ සුනාමි ව්‍යසනය...

2004 දෙසැම්බර් 26 දින ලංකාව ඇතුළු රටවල් බොහෝමයකට බලපෑම් කල සුනාමිය ඇති වූයේ සුමාත්‍රා දූපත අසල සාගර පතුලේ ඇති වූ භූමි කම්පාවක ප්‍රතිඵලයක් වශයෙනි.රිච්ටර් මාපකයේ ඒකක 9.0ක් සටහන් කල මේ ප්‍රබල භූමි කම්පාවේ අපි කේන්ද්‍රය පිහිටා තිබුනේ ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දිවයිනෙහි මිටර 200 ක් බටහිර මුහුදේය.ලොව සිදු වූ භූමි කම්පා අතරින් වැඩිම ජීවිත හා දේපල හානි සිදුකල ස්වාභාවික ආපදාවක් ලෙස මෙය හැදින්විය හැකිය.

2004 දෙසැම්බර් 26 දින පෙ.ව 6.59 ට සිදු වූ මෙම භූමි කම්පාව එකිනෙකට මුහුණලා පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියානු හා යුරේපියානු තැටි දෙක එකිනෙකට මුහුණලා ගැටීමෙන් සිදු විය.මෙම ගැටීමෙන් ජනිත වූ බලය නිසා සුන්ඩා ආගාධය ආසන්නයේදී ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය මිටර 13 ක් බුරුම තැටිය යටට කිදා බැසීම සිදු විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් සුන්ඩා ආසාන්නයේ ඉහලට එසවුනු භූ කාණ්ඩය සමග ඒ ආසන්නයේ සාගර පත්ලෙහි සිට මතුපිට දක්වා තිබූ ජලස්කන්ධයද ඉහලට එසවීමෙන් සුනාමි තරංග හටගන්නා ලදි.සුනාමි රල පහර මීටර 4-5දක්වා උසට ගමන් කර ඇත.මෙහිදී සුනාමි රල මතින් ඇති කරනු ලැබූ දැවැන්ත ජල ප්‍රවාහය මීටර 50 සිට කි.මි 2ක් අතර පරාසයක් තුල එක් එක් පරාසයන්හි විහිදී ගිය බව වාර්ථා වෙයි.මේ නිසා ඉන්දියන් සාගරයට සම්බන්ධව පිහිටි ඉන්දුනීසියාව ,ලංකාව,තායිලන්තය ,සෝමාලියාව,බුරුමය,මැලේසියාව,මාලදිවයින ,යන රටවලට බොහෝ හානි සිදු විය.

ස්වාභාවික සංසිද්ධි නිරීක්ෂණය කර සුනාමි තත්වයන් හදුනා ගැනීම

  • සතුන්ගේ අස්වාභාවිකව හැසිරීම
  • මුහුදෙන් විශාල හඩක් පිටවීම
  • පොලව සෙලවීම
මුහුදේ වැලිතලා මතුවීම

සුනාමි නිසා සිදුවන බලපෑම


  • මිනිස් ජීවිත හානි වීම
  • දේපල හානි වීම
  • යටිතල පහසුකම් හා පොදු සේවා විනාශ වීම
  • ආර්ථික සංවර්ධන වේගය අඩු වීම
  • රැකියා අවස්තා අහිමි වීම
  • වගා බිම් විනාශ වීම
  • වෙරල පරිසර පද්ධතීන් විනාශ වීම
  • සාමාජීය බලපෑම් සිදු වීම




Sunday, 28 July 2019

සුන්දරත්වයෙන් පිරි ගාලු කොටුව...

කොලඹ කොටුව අත් කර ගැනීමට පෙර ලංකාවේ ලන්දේසි පාලන මාධ්‍යස්ථානය ලෙස පැවති ගාල්ල බලකොටුව පෙරදිග ඉන්දීය වෙළද සමාගම විසින් ලංකාවේ ඉදිකල විශාලතම බලකොටුවයි .පෘතුගීසින් සතුව තිබූ ගාල්ල බලකොටුව ක්‍රි.ව 1604 දී ලංදේසීන් විසින් අත්කරගනු ලැබූ පසුව එය විශාල කොට ගොඩ නගන ලදි.ලන්දේසි පාලන සමයේදී ගාල්ල බලකොටුවට ඇතුළුවීම සදහා ප්‍රධාන මාර්ගය ලෙස භාවිතා කරන ලද්දේ මුහුදු දොරටුව නමින් හැදින්වෙන වර්තමාන වරාය දෙසට මුහුණ ලා පිහිටා ඇති දොරටුවයි.එසේ වුවද බ්‍රිතාන්‍ය පාලකයින් ව්සින් 19 වැනි සියවසේදී ගාල්ල බලකොටුව නවීකරණය කිරීමෙන් පසුව ක්‍රීඩාංගනය දෙසට මුහුන ලා ඇති දොරටුව කොටුවට ඇතුලු වීමේ
ප්‍රධාන මාර්ගය ලෙස භාවිතයට ගැනුනි.

වර්තමානයේ දී මුල් ස්වරූපයෙන් ම ඉතිරිව පවතින ගාල්ල කොටුවෙහි මුහුදු දොරටුව ඉහලින් ඇතුළු පැත්තේ ප්‍රාකාර බිත්තියෙහි සවි කර තිබෙන ශිලාමය ඵලකය එම දොරටුව ඉදි කරන ලද වකවානුව ලෙස සැලකිය හැකි ක්‍රි.ව 1669 වර්ෂය සදහන් කොට තිබෙයි.එම ඵලකයෙහි දෙපසින් සිංහ රූප දෙකක් සහ මැද ඉහලින් කුකුළු රුවක්ද සහිත පෙරදිග ඉන්දීය වෙළද සමාගමෙහි නිල සංකේතය සටහන් කොට ඇත.තරමක් දුරට එම ඵලකයට සමාන ඵලකයක් මුහුදු දොරටුවේ පිටත පැත්තෙහි ද දක්නට ලැබෙයි .ශක්තිමත් ලෙස ඉදි කොට ඇති මුහුදු දොරටුවට දෙපසින් දෙමහල් ගබඩා ගොඩනැගිලි දෙකකි.ප්‍රාකාර බිත්තියටම යා කොට ඉදි කර ඇති මෙම ගොඩනැගිලිවලට ඇතුළුවීමට හැකි තරප්පු සහ පිවිසුම් දොරටු පිහිටා ඇත්තේ ද මුහුදු දොරටුව හරහාය.ගොඩනැගිලි සදහා දිගු සරනේරු සහිත ඉහලින් ආරුක්කු හැඩය ගත් යුග්ම ජනේල යොදා තිබේ.ඕලන්ද පාලන සමයේ දී මෙම ගබඩා ගොඩනැගිල්ල ලන්දේසි බසින් ගබඩා නිවස යනුවෙන් හදුන්වා ඇත.වර්තමානයේ මුහුදු දොරටුව යාබදව පිහිටි මෙම ගොඩනැගිලි සංකීර්ණය ගාල්ල නාවික කෞතුකාගාරය ලෙස භාවිතා වෙයි.

ගාල්ල ලන්දේසි බලකොටුවට අනුබද්ධිත තවත් ගොඩනැගිලි කිහිපයක් වර්තමානයේ මුල් ස්වරූපයෙන් දැක ගත හැකිය.ගාල්ල වරාය දෙසට මුහුනලා වර්තමාන නව ඔරියෙන්ටල් හෝටලයට යාබදව පිහිටා ඇති ගාල්ල ජාතික කෞතුකාගාරය ලෙස භාවිතා වන ගොඩනැගිල්ල රැජින වීදිය වීදිය දෙසට මුහුනලා පිහිටි වර්තමාන ගාල්ල කොටුව තැපැල් කාර්‍යාලය ලෙස යොදාගෙන ඇති ගොඩනැගිල්ල ආදිය යි.මෙම ගොඩනැගිලි තුනෙහිම බිම් සැලසුම් බොහෝ දුරට එක සමාන වෙයි.ඒවා ඉදිකොට ඇත්තේ ඩොරික කුලුනු පේලි සහිත ගොඩනැගිල්ලෙහි පළලින්ම යුක්ත බරාද යොදන ලද ගොඩනැගිලි විශේශයක් ලෙසයි.ශක්තිමත් දොරටු ජනේල සහ කුලුනු සහිත මෙම ගබඩා ගොඩනැගිලි වර්තමානයේ දී නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය ඇතිව පැරණි ස්වරූපය ආරක්ශාවන සේ ප්‍රතිසංස්කරණ කෙරෙමින් පවතී.
 ඖෂධ ආසාත්මිකතාව යනු කුමක්ද?.....

රෝගී වූ පුද්ගල සිරුර නීරෝගී බවට පත් කර ගැනීමෙහිලා ඖෂධ කරන මෙහෙය විශිෂ්ට වෙයි.වේදනාවෙන් පිරුනු මිනිස් සිරුරට සහනයක් ගෙන එන්නේ ඖෂධ මගිනි.වර්තමානයේ ඖෂධ විවිද ආකාරයෙන් සමාජ ගත වී ඇති ආකාරයක් දැකිය හැකි වෙයි.ඖෂධ පිලිබද කතාකිරීමේදී ඖෂධ ආසාත්මිකතාවය නිරන්තරයෙන් පුද්ගලයින් මුහුන දෙන ගැටළුවක් බවට පත් වී ඇත.රෝගී දිවිය සුවබර කරනවා මෙන්ම ඒවායින් බලාපොරොත්තු නොවූ හිතකර නොවූ ප්‍රතිඵල ලබාදිය හැකිය.ඖෂධ ආසාත්මිකතාවය ඖෂධ ලබාගන්නා පුද්ගලයන්ගෙන් සුළුතරයකට පමණක් මුහුණ දීමට සිදුවන ගැටළුවකි .

අප ගන්නා ඖෂධ හේතු කොට ගෙන විවිධ මාදිලියේ ආසාත්මික රෝග ලක්ෂණ පහල විය හැකිය.ඒවා සමමත ඇති වන ඉතා කුඩා ප්‍රමාණයේ කුෂ්ඨ හෝ පලු ආකාරයෙන් මිනිස් සිරුරේ වැදගත් ඉන්ද්‍රියයන් හා පද්ධති වලට හානි පමුණුවන ඉතා බරපතල තත්වයක් දක්වා පරාසයක විහිදිය හැකිය.ආසාත්මිකතා විවිධ ඉන්ද්‍රිය හා පද්ධති වලට බලපෑමක් ඇති කලද බොහෝමයක් ඖෂධ ආසාත්මිකතා මිනිස් සිරුරේ සම මත ක්‍රියාත්මක වෙයි.එමෙන්ම ආසාත්මිකතා මිනිස් සිරුරේ ශ්වසන පද්ධතිය ආහාරජීර්ණ පද්ධතිය හා රුධිර සංසරණ පද්ධතිය ආදී පද්ධතීන් වලද ක්‍රියාත්මක විය හැකිය.ඖෂධ ආසාත්මික වීම හේතුවෙන් සිරුරේ ඇතිවන ආසාත්මික රෝග ලක්ෂණ හැදින ගැනීම ඉතා වැදගත් වෙයි.ඖෂධ අසාත්මික වීමෙන් ඇති වන මරණ ඉතා විරල වුවත් ජීවිතයට තර්ජනයක් පවා විය හැකිය.ඖෂධ ආසාත්මිකතාවයෙන් හැකි සෑම විටම අත්මිදීමට කටයුතු කිරීම නුවණට හුරු වෙයි.බොහෝමයක් ඖෂධ ආසාත්මික තාවයන් ඖෂධ ලබාගත් පළමු වාරයේදීම ඇති නොවන නමුත් එම ඖෂධයම නැවත වරක් ලබා ගැනීමේදී ඇති විය හැකිය.ඖෂධ නිසා ඇතිවන අහිතකර ක්‍රියාවන්ගෙන් 10%ක් පමණ ඖෂධ ආසාත්මිකතා වෙයි.තවද ඖෂධ අතර අන්තර් ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන අහිතකර ක්‍රියාකාරීත්වයන් ඖෂධ මිනිස් සිරුර තුලදී නිසි ලෙස විඝටනය නොවීම නිසා ඇතිවන අහිතකර තත්වයන් හා වමනය ,ඔක්කාරය ,බඩබුරුලට යෑම වැනි පීඩාකාරී අතුරු ආබාධ  ඖෂධ මගින් ඇති කරන්නාවූ අහිතකර ප්‍රතිඵලයන්ගෙන් කීපයකි.

ඖෂධ ආසාත්මිකතා ඇතිවන අයුරු...


  • මිනිස් සිරුරට භාහිරින්  එක්වන ආගන්තුක ද්‍රව්‍ය සමග මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරන්තර සටනක යෙදේ.එහිදී ඖෂධ ඔස්සේ සිරුරට එක් කරණ ආගන්තුක ද්‍රව්‍ය නිසාවෙන්ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී ඖෂධ ආසාත්මිකතා ඇති කරයි.
  • සෑම දෙනෙකු හටම පොදු නොවූ මෙම ක්‍රියාවලිය ඖෂධ කෙරෙහි මිනිස් සිරුර අධි සංවේදීතාවයක් දැක්වීම ලෙස හදුන්වයි.
  • ඖෂධ ඔස්සේ මිනිස් දේහයට ලැබෙන රසායනික ද්‍රව්‍ය ප්‍රතිදේහජනක ලෙස හැදින්වෙයි.
  • මෙම ප්‍රතිදේහජනක වලට එරෙහිව අප සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රතිදේහ නිපදවා විශේශිත සෛල තුල ගබඩා කොට තබයි.
  • නැවත වරක් ප්‍රතිදේහ නිපද වූ ඖෂධයම ශරීර ගත වුවහොත් සෛල තුල දැනට ඇති ප්‍රතිදේහ ක්‍රියාත්මක වී සෛල තුලින් විශේෂිත වූ රසායනික ද්‍රව්‍යක් මුදාහරී.
මෙම රසායනික සංයෝග සිරුරේ අනෙකුත් සෛල හා ඉන්දියන් මත ක්‍රියාත්මක වීම හේතුවෙන් පුද්ගලයාට ආසාත්මික රෝග ලක්ෂණ පහල වෙයි

ඖෂධ ආසාත්මිකතා ඇතිවීමට හේතු...


  • ඖෂධයට නිරාවරණය වූ වාරගණන 
  • ඖෂධ ලබාගත් මාත්‍රාව
  • ඖෂධ ලබාගත් මාර්ගය
  • පවුල් පසුබිම තුල ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබීම
පුද්ගලයාගේ වයස් මට්ටම

ඖෂධ ආසාත්මිකතවන්හි ලක්ෂණ ...


  • සමෙහි ඇතිවන ආසාත්මිකතා 
  • සරම්ප ඇති වූ කලක මෙන් සමමතුපිට තුවාල ඇති වීම
  • සම මත ලා රතු ගැන්වුනු කසන සුළු අවිධිමත් ගැට පළුදු ඇති වීම
  • සම හිරු එළියට නිරාවරණය වූ විට කසනසුළු පොතු සහිත කුෂ්ඨ ඇති වීම.
  • උණ
  • සංධි හා පේෂි වල වේදනා
  • වසා ගැටිති ඉදිමීම.
වකුගඩුවල ආසාත්මිකතා..

ඖෂධ ආසාත්මිකතාවය මගහරවා ගැනීමට අනුගමනය කල යුතු කරුණු ...


  • පෙර වතාවක ඖෂධ හෝ වෙනයම් ආහාරයක් ආසාත්මික වී ඇත්නම් ප්‍රතිකාර ගන්නා සෑම විටම ඒ බව වෛද්‍ය වරයා හට දැන්වීම
  • ආසාත්මිකතා ඇතිකල ඖෂධයේ නම් සදහන් ලිඛිත සටහනක් සෑම විටම තබා ගැනීම.
  • ආසාත්මිකතාවය ඇතිකරන කිනම් හෝ හේතුවක් ඇත්නම් හැකි සෑමවිටම එය මග හැරීම
  • ඖෂධ නිසා පෙර නොවූ උණක් ,නොකඩවා වමනය යාමක් ඇත්නම් වෛද්‍ය වරයාගෙන් උපදෙස් පැතීම..
  • ආසාත්මිකතාවය ඇතිවිට සන්සුන්ව හා විවේකීව සිටීම 


Saturday, 27 July 2019

ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස..

ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක්ම නොවේ.ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියත්මක වන්නේත් ආණ්ඩුව තීරණ ගන්නේත් සමස්ථ පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සකගේ යහපතට නොවන බවට බහුතරය හා සුළුතරය ඇතුළු සියල්ලන්ට සමානාත්මතාව පදනම්කොට පල ප්‍රයෝජන ලබාගත හැකි අවස්ථාවක් ආණ්ඩුව විසින් සපයනු ලබන බවටත් ආණ්ඩුවකින් පාලනය වන සියලු ජනකොටස් වලට ප්‍රායොගිකව දැනෙන්නේ නම් පමණි .මේ නිසා විවිධ ක්ෂේත්‍ර සම්බන්දයෙන් රාජ්‍ය බලය යොදා ගැනීමේදී ආණ්ඩුව හා විවිධ ජනකොටස් අතර නිරන්තරයෙන් කතිකා කොට එලඹ ගත් එකගතාවය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අත්‍යාවශ්‍ය වෙයි.බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ඒකාධිකාරීවාදය දක්වා පිරිහීමට මූලික හේතුවක් වන්නේ රජය හා පුරවැසියන් අතර තිබිය යුතු මේ නිරන්තර ගනුදෙනුව අවශ්‍ය පමණට සාර්ථකව පවත්වාගෙන යෑමට දෙපාර්ශවයම අපොහොසත් වීමයි.රජය කරවන්නන් එයට අකමැති වීම මෙන්ම විවෘත කතිකාවට  අවශ්‍ය කොන්දේසි සහ සන්නිවේදන මාධ්‍ය නිසි ලෙස කරන්නේ ආණ්ඩුවේ හෝ දේශපාලනික හා ආර්ථික බලවේග වල හෝ අත්තනෝමතික පාලනයකින් තොරව සිය ප්‍රකාශන නිකුත් කිරීම හා ඒවා විකාශනය කිරීම සදහා අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් හා යටිතල පහසුකම් පවත්වා ගෙන යෑමට ජනමාධ්‍යය ආයතන වලට ඇති හැකියාවයි.ස්වාධීන මාධ්‍ය යනුවෙන් අදහස් කෙරෙන්නේ බාහිර ඇගිලි ගැසීමකින් තොරව වෘත්තීය ප්‍රමිති මත පිහිටා තම සංලේක්‍ය නිදහස ආරක්ෂා කර ගනිමින් වාර්ථා කරනය කිරීමට ජනමාධ්‍යය කරුවන්ට ඇති නිදහස වැදගත් වෙයි.මාධ්‍ය නිදහස යනුවෙන් අදහස් වන්නේ ප්‍රකාශ කිරීමේම අනුපූරකයකි.එම නිසා පුවත් වාර්තා කිරීමේදී සිය පාඨකයන් විසින් දැනගත යුතු අදාල තතු සහ මත අගතිගාමී ලෙස සැගවීමද ජනමාධ්‍යය කරුවන් විසින්ම මාධ්‍ය නිදහස ස්වයංවාරණයට හේතු විය හැකි බැවින් බියෙන් අත්මිදි වාර්ථාකරණය ඉටු කිරීමට ඇති හැකියාවක් ජනසමාජය තුල ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමකි.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යය සම්බන්දයෙන් සලකා බැලූ විට බොහෝ ජනමාධ්‍යය සිය වාර්ථාකරණය ඉටුකරන්නේ පොදු යහපත පිණිස පාලකයන් සහ පාලිතයන් අතර ප්‍රයෝජනවත් නිවහල් කතිකාවක් ඇති කර ගැනීමට වඩා මාධ්‍ය අයිතිකරුවන්ගේ අගතිගාමී අභිමතයන්ට වහල් වී බව පැහැදිලිය.මෙය වඩා බරපතල වන්නේ පවතින අධිපතිවාදය අභියෝග කිරීමෙන් තමන් සහ ආණ්ඩුව අතර ඇති ලාභදායී වයහාරික හෝ දේශපාලනික සම්බන්ධතාව පලුදු වේ යැයි යන බියෙන් හෝ තමන්ගේ පුද්ගලික ඕනෑඑපාකම් මත කටයුතු සිදු විය යුතු යැයි සලකන මාධ්‍ය හිමියන් මාධ්‍ය සංලේක්‍ය නිදහසට නොහොත් මාධ්‍ය කරුවන්ගේ වෘත්තිය අභිමතයට අනිසි ලෙස ඇගිලි ගැසීම් පටන් ගත් විටදීය.එවැනි වාතාවරණයක් යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවකට වේදිකාවක් වීමට ජනමාධ්‍යයට පහසු නොවේ...

Thursday, 18 July 2019

හිට්ලර්...
ලෝක දේශපාලනයේ කතාබහට ලක්වන ඉතා ජනප්‍රිය පාලන ක්‍රමයක් ගෙන ගිය පාලකයෙක් ලෙස හිට්ලර් දැක්වීමට හැකි වෙයි.මොහුගේ උපත 1889 අප්‍රේල් 20 දායි. මොහු ඔස්ට්‍රියානු ජාතිකයෙකි.මොහුගේ දේශපාලන පක්ෂය ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයයි .මොහු 1913 දී ජර්මනියට ගොස් ලෝක සංග්‍රාමය සදහා ජර්මානු යුද හමුදාවට බැදුනි1919දී ජර්මානු කම්කරු පක්ෂයේ එන්.එස්.ඩී.ඒ.පී පුරෝගාමියා ලෙස සම්බන්ධ විය.1913 දී ඔහු මියුනිච් බලය අල්ලා ගැනීමට කල කුමන්ත්‍රණය නිසාවෙන් සිරගත කරන ලදි.1924 දී ඔහු නිදහස් කිරීමෙන් පසු හිට්ලර් ජර්මනිය විසින් ඇති කරගත් වර්සායි ගිවිසුම් පහර පිලිබදව ප්‍රතාපවත් කථිකයෙකු ලෙස නාසි ප්‍රචාරක ක්‍රියා හා ජර්මානු යුදෙව් විරෝධය සහ ප්‍රති කොමියුනිස්ට්වාදය ප්‍රවර්ධනය කිරීම මගින් මහජන සහයෝගය තමන් වෙත ඈදා ගත්තේය.හිට්ලර් නිතර යුදෙව් කුමන්ත්‍රණයක කොටසක් ලෙස ජාත්‍යන්තර ධනවාදය හෙලා දුටුවේය.

1933 දී නාසි පක්ෂය 1933 ජනවාරි 30 දා කුලපති වශයෙන් හිට්ලර්ගේ පත්වීමට තුඩුදුන් ඔහුගේ සභාගය විසින් හා හා පුරා කියා පැවැත්වූ නැවුම් මැතිවරණයෙන් පසුව ජර්මනියේ විශාල චන්දයක් ලබා තේරී පත්වූ නාසි පක්ෂය නාසීහු හැසිරවීමේ ක්‍රියාවලිය ආරම්භ කල මෙම නාසි ජර්මනිය වෛමාර් සමූහාණ්ඩුව තුල ජාතික සමාජවාදයේ ඒකාධිපති සහ අත්තනෝමතික මතවාදය මත පදනම්වූ ඒකපාක්ෂික ඒකාධිපති සක්‍රීය පනත සම්මත කිරීය.මොහුගේ ප්‍රථම ධූර කාලය වසර 6 කි.මොහුගේ දඩබ්බර විදේශ ප්‍රතිපත්තිය යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට බලපාන මූලික හේතුව ලෙස සැලකේ.ඔහු මහාපරිමාණ ලෙස ප්‍රතිසන්නද්ධ අධ්‍යනය කොට 1939 සැප්තැම්බර් මස 1 වන දින ජර්මනිය මත
යුද්ධයේ තිබූ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ප්‍රකාශ නිසා පෝලන්තය ආක්‍රමණය කළේය .1941 ජර්මානු හමුදා සහ යුරෝපීය ආරක්ෂක බලවතුන් අවසන් වනවිට යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ සිටියහ.සෝව්හියට් දේශය පරාජය කිරීමට අසමත් වීම සහ යුද්ධය බවට එක්සත් ජනපදයේ පිවිසුම් ආරක්ෂක මතට ජර්මනිය බල හා එය උත්සන්න පරාජයන් මාලාවකින් දුක් වින්දහ.යුද්ධයේ අවසන් දින තුල 1945 දී බර්ලීන්හි යුධ සමයේ හිට්ලර් තම දිගු කාලීන පෙම්වතිය ඊවා බ්‍රෝන් හා විවාහ විය.හිට්ලර්ගේ නායකත්වය හා වාර්ගික ගැන්වුනු මතවාද යටතේ නාසි තන්ත්‍රය ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් සාමාජීය වශයෙන් කා හටවත් අත්‍යවශ්‍ය වෙනත් වින්දිතයන් ලෙස සලකනු ලැබූ යුදෙව්වන් අවම වශයෙන් මිලියන 5.5 ක මිනිස් සංහාරය සදහා වගකිවයුතු විය. .

කෙසේ වුවද මෙලෙස ලෝක ඉතිහාසයේ ඉතාමත් දරුනු පාලනයක් ගෙනගිය පාලකයෙක් ලෙස මෙම හිට්ලර් දැක්වීමට හැකි වන අතර ඔහුගේ මරණය සිදු වූ ආකාරය දෙස බැලීමේදී අනපේක්ෂිත ලෙස යුද්ධයෙන් පරාජය වූ හිට්ලර් ඔහුගේ මූලස්තානය බර්ලීනයට ගෙන ගියේය .එහි චාන්සලර් මන්දිර භූමියේ තැනූ භංකරයට වී අවසන් දින කීපය ගත කලේය.අනතුරුව ඔහු සිය දිවි නසා ගැනීමට තීරණය කළේය.

Wednesday, 17 July 2019

සේනා දළබුවා..

පසුගිය කාලවකවානුවේ ලංකාවේ නිතර කතාබහට ලක් වූ මාතෘකාවක් ලෙස සේනා දළබුවා දැක්වීමට හැකි වෙයි.මෙහිදී මෙම සත්ව විශේෂයෙන් වැඩිපුර හානි පමුණුවා ඇත්තේ අනුරාධපුර පොලොන්නරුව මොනරාගල ආදී වියලි කලාපීය ගොවිබිම්වල ජනතාවයි.මොවුන් වැඩි වශයෙන් බඩ ඉරිගු වගාවන්ට මෙසේ හානි පමුණුවා ඇත.මෙම්ස් සත්ව විශේශයට එක් රැයකදී අක්කර සිය ගණනක භෝග වගාවක් කා දැමිය හැකි සහ භෝග ප්‍රභේද සිය ගණනකට පහර දිය හැකි බව වාර්ථා වෙයි.සේනා දළඹුවන් යනු සන්ධිපාදකයින් හෙවත් ආත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා වර්ගයේ ලෙසිඩොස්ටෙරා ගෝත්‍රයට අයත් spodopters frugiperda නම් සලඹයෙකුගේ කීට අවස්තාවයි.මේ සලඹයාගේ විශේශත්වය වන්නේ මොවුන් එක් වරකට බිත්තර 100 සිට 1000 දක්වා ප්‍රමාණයක් දැමීමයි.එමෙන්ම මෙම සලඹයා එක් රාත්‍රියකදී කිලෝමීටර 100 කට ආසන්න දුරක් පියෑඹීමට  සමත්කම් දක්වන බවත් කියවේ.එමෙන්ම මෙම සලඹයෙකුගේ කීට අවස්ථාව  වී තිරිඟු හා බඩ ඉරිගු වැනි භෝග වර්ග 80 කට අධික සංඛ්‍යාවකට හානි කරන බව ලෝක ආහාර සහ කෘෂිකර්ම ආයතනය  පවසයි.මෙම භෝග අතරින් මෙම දළඹුවා වඩාත් ප්‍රිය කරන්නේ බඩ ඉරිගු ශාකයටයි.මෙම සලඹයෙකුගේ සම්පූර්න ජීවන චක්‍රය දින 25-30 ත් අතර වෙයි.සුහුබුලා දමන් බිත්තර දින 3 කදී පමන පුපුරා කීට අවස්තාව වන සේන දළඹුවා බිහි වෙයි.මෙම කීට අවස්ථාව ශාකයේ කොටස් කා දමමින් දින 12 ක් පමණ වර්ධනය වෙයි.මෙහිදී මොවුන් සිහින් මකුළුදැල් වැනි කෙදිති භාවිතා කරමින් වෙනත් ශාක වෙත ගමන් කිරීමටද සමත්කම් දක්වයි.දිවා කාලයේදී ශාකයේ ගොබය ආශ්‍රිතව සැගව ගත කරන මෙම දළබුවා වඩාත් සක්‍රීය වන්නේ රාත්‍රී කාලයේදීය.

එමෙන්ම මොවුන් ලංකාවට ආගන්තුක සත්ව විශේශයෙකි.එම නිසා මොවුන් ආහාරයට ගන්නා ස්වභාවික සතුරු සතුන් මේ පරිසරවල හමු නොවන අතර මොවුන්ට ඉතා පහසුවෙන් බෝවීමේ ඉඩප්‍රස්තා ඇත .එමෙන්ම මොවුන් බිත්තර දැමීමේදී එක් වරකට විශාල බිත්තර ප්‍රමාණයක් දැමීම නිසා විශාල දලඹු ප්‍රමාණයක් එක් වර බිහි වෙයි .එබැවින් මොවුන් විනාශ කිරීම ඉතාමත් අපහසු කරුණකි.මෙම සේනාදළඹුවාට  විවිධ දේශගුණික තත්වයන් යටතේ ආරක්ෂාකාරීව ජීවත් වීමේ සහ පැතිරවීමේ හැකියාව තිබෙන බැවින් සහ පළිබෝධනාශකවලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන බව ඔප්පු වී ඇති බැවින් තත්වය ඉතා භයානක වෙයි.විශේශයෙන්ම එම තත්වය ලෝක ආහාර සුරක්ෂිත තාවයට බරපතල  අභියෝගයක් වන බවට තීන්දු කළ එම සංවිධානය විසින් ලෝකය පුරා සිදු කෙරෙන පාලන වැඩසටහනක් සදහා ඇමරිකානු ඩොලර් මිලියන 19 ක මුදලක් වෙන් කල  බව වාර්ථා වෙයි.

ලංකාවේ සේනා දළඹුවාගේ කරනු ලැබූ විනාශය බොහෝ ජනමාධ්‍යයන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබූ අතර මොවුන් පිලිබදව ලංකාවේ සියලුම ප්‍රදේශයන්හි කථාබහට ලක්විය.කෙසේ වෙතත් අද වනවිට නම් මෙම පුවත යම්තාක් දුරකට යටපත් වී ඇත...

පේෂලා වඩුගේ ..



පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...