Tuesday, 30 July 2019

පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය ....


පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහුණ දීමේදී ඔහු තුල ඇති වන ප්‍රතිචාරාත්මක තත්වයක් මානසික ආතතිය ලෙස හදුන්වයි .කැනේඩියානු ජාතික කායික වෛද්‍යවරයකු වන හෑන්ස් මානසික ආතතිය නිර්වචනය කරනු ලබන්නේ ඕනෑම පීඩාකාරී අභියෝගයකට පුද්ගලයාගේ ශරීරයේ ඇති වන ප්‍රතික්‍රියාවක් ලෙසයි.මනෝවිද්‍යව පිලිබදව මහාචාර්ය රොබට් එස් ෆෙල්ඩ් මාන් මානසික ආතතිය අර්ථ දක්වා ඇත්තේ "පුද්ගලයා විසින් අභියෝගාත්මක හෝ තර්ජනාත්මක සිදුවීම් වලට දක්වන ප්‍රතික්‍රියාවක් ලෙසයි." අපි සෑම කෙනෙක්ම මානසික ආතති අවස්ථාවන්ට භාජනය වන්නෙමු.එදිනෙදා මානසික ආතති හට ගන්නා අවස්ථා කීපයක් ලෙසින්


  • උදේ රැකියාවට යාමට පිටත් වූ විට වාහන තදබදයට කොටු වීම
  • කාර්‍යාලය රැකියාව කරන විට පියාට පපුවේ රෝගයක් ඇති වූ බව දක්වමින් දුරකථන ඇමතුමක් ලැබීම
  • පෙම්වතා හෝ පෙම්වතිය හෝ ප්‍රශ්නයක් මුල් කර ගෙන වෙන්වීමට තීරණය කිරීම
  • හොදම මිතුරා හෝ මිතුරිය අමනාප වීම
  • බිරිදගේ හෝ ස්වාමියාගේ වෙනත් සබදතාවයක් ආරංචි වීම
  • අධික වශයෙන් වැඩ ගොඩ ගැසී තිබීම

මානසික ආතතිය යනු එදිනෙදා ජීවිතයේදී ඕනෑම පුද්ගලයෙකු තුල ඇතිවිය හැකි හා සාමාන්‍ය මිනිස් ජීවිතයෙන් බැහැර කල නොහැකි බාල මහළු තරුණ ගැහැනු හැසිරීම් යන කාහට වුවද තම ජීවිත කාලයේ කුමන අවස්තාවක හෝ ඇතිවිය හැකි ප්‍රතිචාරාත්මක තත්වයකි.එය වේදනාකාරි හා පීඩාකාරී තත්වයක් ලෙස පුද්ගලයාට දැනේ.

වර්තමානයේ පවතින තරගකාරී සමාජයේ ජීවත් වෙමින් වේගවත් ජීවිත ගමනක යෙදෙමින් ඉතා සුළු කාලයක් තුල අධික වැඩ රාජකාරී ප්‍රමාණයකට හා මනසට දරාගත නොහැකි අධික ගැටළු ප්‍රමාණයකට මුහුන දෙමින් අවිවේකීතාවයෙන් පෙලෙන බොහෝ දෙනා මානසික ආතතියට භාජනය වෙයි.වර්තමාන සමාජයේ මුදල් හා මුසුව ගලා යන නව දැනුම හා නව තාක්ෂණය හමුවේ මිනුසුන්ගේ අපේක්ෂාවන් දිනෙන් දින වෙනස් වෙමින් අධික වන අතර එම අපේක්ෂාවන් අධික වන විට ඔවුන්ගේ අවශ්‍යතා ද අදික වෙයි.මෙම තරගකාරී බව මානසික ආතතිය ඇති කර්යි.
වර්තමානයේ බොහෝමයක් මිනිසුන් තුල මෙම මානසික ආතතිය නිර්මාණය වීඇත.ඒ හේතුවෙන් බොහෝ ගැටලු සමාජයේ නිර්මානය වීතිබෙයි. .මානසික ආතතිය පුද්ගල මනසට විඩාවක් ගෙන දෙයි.එමෙන්ම එම විඩාව මගින් පුද්ගල අසහනයක් නිර්මාණය කරයි...

Monday, 29 July 2019

ලොවක් කැළඹූ සුනාමි ව්‍යසනය...

2004 දෙසැම්බර් 26 දින ලංකාව ඇතුළු රටවල් බොහෝමයකට බලපෑම් කල සුනාමිය ඇති වූයේ සුමාත්‍රා දූපත අසල සාගර පතුලේ ඇති වූ භූමි කම්පාවක ප්‍රතිඵලයක් වශයෙනි.රිච්ටර් මාපකයේ ඒකක 9.0ක් සටහන් කල මේ ප්‍රබල භූමි කම්පාවේ අපි කේන්ද්‍රය පිහිටා තිබුනේ ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දිවයිනෙහි මිටර 200 ක් බටහිර මුහුදේය.ලොව සිදු වූ භූමි කම්පා අතරින් වැඩිම ජීවිත හා දේපල හානි සිදුකල ස්වාභාවික ආපදාවක් ලෙස මෙය හැදින්විය හැකිය.

2004 දෙසැම්බර් 26 දින පෙ.ව 6.59 ට සිදු වූ මෙම භූමි කම්පාව එකිනෙකට මුහුණලා පිහිටි ඉන්දු ඕස්ට්‍රේලියානු හා යුරේපියානු තැටි දෙක එකිනෙකට මුහුණලා ගැටීමෙන් සිදු විය.මෙම ගැටීමෙන් ජනිත වූ බලය නිසා සුන්ඩා ආගාධය ආසන්නයේදී ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය මිටර 13 ක් බුරුම තැටිය යටට කිදා බැසීම සිදු විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් සුන්ඩා ආසාන්නයේ ඉහලට එසවුනු භූ කාණ්ඩය සමග ඒ ආසන්නයේ සාගර පත්ලෙහි සිට මතුපිට දක්වා තිබූ ජලස්කන්ධයද ඉහලට එසවීමෙන් සුනාමි තරංග හටගන්නා ලදි.සුනාමි රල පහර මීටර 4-5දක්වා උසට ගමන් කර ඇත.මෙහිදී සුනාමි රල මතින් ඇති කරනු ලැබූ දැවැන්ත ජල ප්‍රවාහය මීටර 50 සිට කි.මි 2ක් අතර පරාසයක් තුල එක් එක් පරාසයන්හි විහිදී ගිය බව වාර්ථා වෙයි.මේ නිසා ඉන්දියන් සාගරයට සම්බන්ධව පිහිටි ඉන්දුනීසියාව ,ලංකාව,තායිලන්තය ,සෝමාලියාව,බුරුමය,මැලේසියාව,මාලදිවයින ,යන රටවලට බොහෝ හානි සිදු විය.

ස්වාභාවික සංසිද්ධි නිරීක්ෂණය කර සුනාමි තත්වයන් හදුනා ගැනීම

  • සතුන්ගේ අස්වාභාවිකව හැසිරීම
  • මුහුදෙන් විශාල හඩක් පිටවීම
  • පොලව සෙලවීම
මුහුදේ වැලිතලා මතුවීම

සුනාමි නිසා සිදුවන බලපෑම


  • මිනිස් ජීවිත හානි වීම
  • දේපල හානි වීම
  • යටිතල පහසුකම් හා පොදු සේවා විනාශ වීම
  • ආර්ථික සංවර්ධන වේගය අඩු වීම
  • රැකියා අවස්තා අහිමි වීම
  • වගා බිම් විනාශ වීම
  • වෙරල පරිසර පද්ධතීන් විනාශ වීම
  • සාමාජීය බලපෑම් සිදු වීම




Sunday, 28 July 2019

සුන්දරත්වයෙන් පිරි ගාලු කොටුව...

කොලඹ කොටුව අත් කර ගැනීමට පෙර ලංකාවේ ලන්දේසි පාලන මාධ්‍යස්ථානය ලෙස පැවති ගාල්ල බලකොටුව පෙරදිග ඉන්දීය වෙළද සමාගම විසින් ලංකාවේ ඉදිකල විශාලතම බලකොටුවයි .පෘතුගීසින් සතුව තිබූ ගාල්ල බලකොටුව ක්‍රි.ව 1604 දී ලංදේසීන් විසින් අත්කරගනු ලැබූ පසුව එය විශාල කොට ගොඩ නගන ලදි.ලන්දේසි පාලන සමයේදී ගාල්ල බලකොටුවට ඇතුළුවීම සදහා ප්‍රධාන මාර්ගය ලෙස භාවිතා කරන ලද්දේ මුහුදු දොරටුව නමින් හැදින්වෙන වර්තමාන වරාය දෙසට මුහුණ ලා පිහිටා ඇති දොරටුවයි.එසේ වුවද බ්‍රිතාන්‍ය පාලකයින් ව්සින් 19 වැනි සියවසේදී ගාල්ල බලකොටුව නවීකරණය කිරීමෙන් පසුව ක්‍රීඩාංගනය දෙසට මුහුන ලා ඇති දොරටුව කොටුවට ඇතුලු වීමේ
ප්‍රධාන මාර්ගය ලෙස භාවිතයට ගැනුනි.

වර්තමානයේ දී මුල් ස්වරූපයෙන් ම ඉතිරිව පවතින ගාල්ල කොටුවෙහි මුහුදු දොරටුව ඉහලින් ඇතුළු පැත්තේ ප්‍රාකාර බිත්තියෙහි සවි කර තිබෙන ශිලාමය ඵලකය එම දොරටුව ඉදි කරන ලද වකවානුව ලෙස සැලකිය හැකි ක්‍රි.ව 1669 වර්ෂය සදහන් කොට තිබෙයි.එම ඵලකයෙහි දෙපසින් සිංහ රූප දෙකක් සහ මැද ඉහලින් කුකුළු රුවක්ද සහිත පෙරදිග ඉන්දීය වෙළද සමාගමෙහි නිල සංකේතය සටහන් කොට ඇත.තරමක් දුරට එම ඵලකයට සමාන ඵලකයක් මුහුදු දොරටුවේ පිටත පැත්තෙහි ද දක්නට ලැබෙයි .ශක්තිමත් ලෙස ඉදි කොට ඇති මුහුදු දොරටුවට දෙපසින් දෙමහල් ගබඩා ගොඩනැගිලි දෙකකි.ප්‍රාකාර බිත්තියටම යා කොට ඉදි කර ඇති මෙම ගොඩනැගිලිවලට ඇතුළුවීමට හැකි තරප්පු සහ පිවිසුම් දොරටු පිහිටා ඇත්තේ ද මුහුදු දොරටුව හරහාය.ගොඩනැගිලි සදහා දිගු සරනේරු සහිත ඉහලින් ආරුක්කු හැඩය ගත් යුග්ම ජනේල යොදා තිබේ.ඕලන්ද පාලන සමයේ දී මෙම ගබඩා ගොඩනැගිල්ල ලන්දේසි බසින් ගබඩා නිවස යනුවෙන් හදුන්වා ඇත.වර්තමානයේ මුහුදු දොරටුව යාබදව පිහිටි මෙම ගොඩනැගිලි සංකීර්ණය ගාල්ල නාවික කෞතුකාගාරය ලෙස භාවිතා වෙයි.

ගාල්ල ලන්දේසි බලකොටුවට අනුබද්ධිත තවත් ගොඩනැගිලි කිහිපයක් වර්තමානයේ මුල් ස්වරූපයෙන් දැක ගත හැකිය.ගාල්ල වරාය දෙසට මුහුනලා වර්තමාන නව ඔරියෙන්ටල් හෝටලයට යාබදව පිහිටා ඇති ගාල්ල ජාතික කෞතුකාගාරය ලෙස භාවිතා වන ගොඩනැගිල්ල රැජින වීදිය වීදිය දෙසට මුහුනලා පිහිටි වර්තමාන ගාල්ල කොටුව තැපැල් කාර්‍යාලය ලෙස යොදාගෙන ඇති ගොඩනැගිල්ල ආදිය යි.මෙම ගොඩනැගිලි තුනෙහිම බිම් සැලසුම් බොහෝ දුරට එක සමාන වෙයි.ඒවා ඉදිකොට ඇත්තේ ඩොරික කුලුනු පේලි සහිත ගොඩනැගිල්ලෙහි පළලින්ම යුක්ත බරාද යොදන ලද ගොඩනැගිලි විශේශයක් ලෙසයි.ශක්තිමත් දොරටු ජනේල සහ කුලුනු සහිත මෙම ගබඩා ගොඩනැගිලි වර්තමානයේ දී නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය ඇතිව පැරණි ස්වරූපය ආරක්ශාවන සේ ප්‍රතිසංස්කරණ කෙරෙමින් පවතී.
 ඖෂධ ආසාත්මිකතාව යනු කුමක්ද?.....

රෝගී වූ පුද්ගල සිරුර නීරෝගී බවට පත් කර ගැනීමෙහිලා ඖෂධ කරන මෙහෙය විශිෂ්ට වෙයි.වේදනාවෙන් පිරුනු මිනිස් සිරුරට සහනයක් ගෙන එන්නේ ඖෂධ මගිනි.වර්තමානයේ ඖෂධ විවිද ආකාරයෙන් සමාජ ගත වී ඇති ආකාරයක් දැකිය හැකි වෙයි.ඖෂධ පිලිබද කතාකිරීමේදී ඖෂධ ආසාත්මිකතාවය නිරන්තරයෙන් පුද්ගලයින් මුහුන දෙන ගැටළුවක් බවට පත් වී ඇත.රෝගී දිවිය සුවබර කරනවා මෙන්ම ඒවායින් බලාපොරොත්තු නොවූ හිතකර නොවූ ප්‍රතිඵල ලබාදිය හැකිය.ඖෂධ ආසාත්මිකතාවය ඖෂධ ලබාගන්නා පුද්ගලයන්ගෙන් සුළුතරයකට පමණක් මුහුණ දීමට සිදුවන ගැටළුවකි .

අප ගන්නා ඖෂධ හේතු කොට ගෙන විවිධ මාදිලියේ ආසාත්මික රෝග ලක්ෂණ පහල විය හැකිය.ඒවා සමමත ඇති වන ඉතා කුඩා ප්‍රමාණයේ කුෂ්ඨ හෝ පලු ආකාරයෙන් මිනිස් සිරුරේ වැදගත් ඉන්ද්‍රියයන් හා පද්ධති වලට හානි පමුණුවන ඉතා බරපතල තත්වයක් දක්වා පරාසයක විහිදිය හැකිය.ආසාත්මිකතා විවිධ ඉන්ද්‍රිය හා පද්ධති වලට බලපෑමක් ඇති කලද බොහෝමයක් ඖෂධ ආසාත්මිකතා මිනිස් සිරුරේ සම මත ක්‍රියාත්මක වෙයි.එමෙන්ම ආසාත්මිකතා මිනිස් සිරුරේ ශ්වසන පද්ධතිය ආහාරජීර්ණ පද්ධතිය හා රුධිර සංසරණ පද්ධතිය ආදී පද්ධතීන් වලද ක්‍රියාත්මක විය හැකිය.ඖෂධ ආසාත්මික වීම හේතුවෙන් සිරුරේ ඇතිවන ආසාත්මික රෝග ලක්ෂණ හැදින ගැනීම ඉතා වැදගත් වෙයි.ඖෂධ අසාත්මික වීමෙන් ඇති වන මරණ ඉතා විරල වුවත් ජීවිතයට තර්ජනයක් පවා විය හැකිය.ඖෂධ ආසාත්මිකතාවයෙන් හැකි සෑම විටම අත්මිදීමට කටයුතු කිරීම නුවණට හුරු වෙයි.බොහෝමයක් ඖෂධ ආසාත්මික තාවයන් ඖෂධ ලබාගත් පළමු වාරයේදීම ඇති නොවන නමුත් එම ඖෂධයම නැවත වරක් ලබා ගැනීමේදී ඇති විය හැකිය.ඖෂධ නිසා ඇතිවන අහිතකර ක්‍රියාවන්ගෙන් 10%ක් පමණ ඖෂධ ආසාත්මිකතා වෙයි.තවද ඖෂධ අතර අන්තර් ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන අහිතකර ක්‍රියාකාරීත්වයන් ඖෂධ මිනිස් සිරුර තුලදී නිසි ලෙස විඝටනය නොවීම නිසා ඇතිවන අහිතකර තත්වයන් හා වමනය ,ඔක්කාරය ,බඩබුරුලට යෑම වැනි පීඩාකාරී අතුරු ආබාධ  ඖෂධ මගින් ඇති කරන්නාවූ අහිතකර ප්‍රතිඵලයන්ගෙන් කීපයකි.

ඖෂධ ආසාත්මිකතා ඇතිවන අයුරු...


  • මිනිස් සිරුරට භාහිරින්  එක්වන ආගන්තුක ද්‍රව්‍ය සමග මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරන්තර සටනක යෙදේ.එහිදී ඖෂධ ඔස්සේ සිරුරට එක් කරණ ආගන්තුක ද්‍රව්‍ය නිසාවෙන්ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී ඖෂධ ආසාත්මිකතා ඇති කරයි.
  • සෑම දෙනෙකු හටම පොදු නොවූ මෙම ක්‍රියාවලිය ඖෂධ කෙරෙහි මිනිස් සිරුර අධි සංවේදීතාවයක් දැක්වීම ලෙස හදුන්වයි.
  • ඖෂධ ඔස්සේ මිනිස් දේහයට ලැබෙන රසායනික ද්‍රව්‍ය ප්‍රතිදේහජනක ලෙස හැදින්වෙයි.
  • මෙම ප්‍රතිදේහජනක වලට එරෙහිව අප සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රතිදේහ නිපදවා විශේශිත සෛල තුල ගබඩා කොට තබයි.
  • නැවත වරක් ප්‍රතිදේහ නිපද වූ ඖෂධයම ශරීර ගත වුවහොත් සෛල තුල දැනට ඇති ප්‍රතිදේහ ක්‍රියාත්මක වී සෛල තුලින් විශේෂිත වූ රසායනික ද්‍රව්‍යක් මුදාහරී.
මෙම රසායනික සංයෝග සිරුරේ අනෙකුත් සෛල හා ඉන්දියන් මත ක්‍රියාත්මක වීම හේතුවෙන් පුද්ගලයාට ආසාත්මික රෝග ලක්ෂණ පහල වෙයි

ඖෂධ ආසාත්මිකතා ඇතිවීමට හේතු...


  • ඖෂධයට නිරාවරණය වූ වාරගණන 
  • ඖෂධ ලබාගත් මාත්‍රාව
  • ඖෂධ ලබාගත් මාර්ගය
  • පවුල් පසුබිම තුල ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබීම
පුද්ගලයාගේ වයස් මට්ටම

ඖෂධ ආසාත්මිකතවන්හි ලක්ෂණ ...


  • සමෙහි ඇතිවන ආසාත්මිකතා 
  • සරම්ප ඇති වූ කලක මෙන් සමමතුපිට තුවාල ඇති වීම
  • සම මත ලා රතු ගැන්වුනු කසන සුළු අවිධිමත් ගැට පළුදු ඇති වීම
  • සම හිරු එළියට නිරාවරණය වූ විට කසනසුළු පොතු සහිත කුෂ්ඨ ඇති වීම.
  • උණ
  • සංධි හා පේෂි වල වේදනා
  • වසා ගැටිති ඉදිමීම.
වකුගඩුවල ආසාත්මිකතා..

ඖෂධ ආසාත්මිකතාවය මගහරවා ගැනීමට අනුගමනය කල යුතු කරුණු ...


  • පෙර වතාවක ඖෂධ හෝ වෙනයම් ආහාරයක් ආසාත්මික වී ඇත්නම් ප්‍රතිකාර ගන්නා සෑම විටම ඒ බව වෛද්‍ය වරයා හට දැන්වීම
  • ආසාත්මිකතා ඇතිකල ඖෂධයේ නම් සදහන් ලිඛිත සටහනක් සෑම විටම තබා ගැනීම.
  • ආසාත්මිකතාවය ඇතිකරන කිනම් හෝ හේතුවක් ඇත්නම් හැකි සෑමවිටම එය මග හැරීම
  • ඖෂධ නිසා පෙර නොවූ උණක් ,නොකඩවා වමනය යාමක් ඇත්නම් වෛද්‍ය වරයාගෙන් උපදෙස් පැතීම..
  • ආසාත්මිකතාවය ඇතිවිට සන්සුන්ව හා විවේකීව සිටීම 


Saturday, 27 July 2019

ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස..

ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පැවැත්වීම හා බහුතරයේ පාලනය පමණක්ම නොවේ.ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියත්මක වන්නේත් ආණ්ඩුව තීරණ ගන්නේත් සමස්ථ පොදු ජනතාවගේ යහපතට මිස අතලොස්සකගේ යහපතට නොවන බවට බහුතරය හා සුළුතරය ඇතුළු සියල්ලන්ට සමානාත්මතාව පදනම්කොට පල ප්‍රයෝජන ලබාගත හැකි අවස්ථාවක් ආණ්ඩුව විසින් සපයනු ලබන බවටත් ආණ්ඩුවකින් පාලනය වන සියලු ජනකොටස් වලට ප්‍රායොගිකව දැනෙන්නේ නම් පමණි .මේ නිසා විවිධ ක්ෂේත්‍ර සම්බන්දයෙන් රාජ්‍ය බලය යොදා ගැනීමේදී ආණ්ඩුව හා විවිධ ජනකොටස් අතර නිරන්තරයෙන් කතිකා කොට එලඹ ගත් එකගතාවය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අත්‍යාවශ්‍ය වෙයි.බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ඒකාධිකාරීවාදය දක්වා පිරිහීමට මූලික හේතුවක් වන්නේ රජය හා පුරවැසියන් අතර තිබිය යුතු මේ නිරන්තර ගනුදෙනුව අවශ්‍ය පමණට සාර්ථකව පවත්වාගෙන යෑමට දෙපාර්ශවයම අපොහොසත් වීමයි.රජය කරවන්නන් එයට අකමැති වීම මෙන්ම විවෘත කතිකාවට  අවශ්‍ය කොන්දේසි සහ සන්නිවේදන මාධ්‍ය නිසි ලෙස කරන්නේ ආණ්ඩුවේ හෝ දේශපාලනික හා ආර්ථික බලවේග වල හෝ අත්තනෝමතික පාලනයකින් තොරව සිය ප්‍රකාශන නිකුත් කිරීම හා ඒවා විකාශනය කිරීම සදහා අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් හා යටිතල පහසුකම් පවත්වා ගෙන යෑමට ජනමාධ්‍යය ආයතන වලට ඇති හැකියාවයි.ස්වාධීන මාධ්‍ය යනුවෙන් අදහස් කෙරෙන්නේ බාහිර ඇගිලි ගැසීමකින් තොරව වෘත්තීය ප්‍රමිති මත පිහිටා තම සංලේක්‍ය නිදහස ආරක්ෂා කර ගනිමින් වාර්ථා කරනය කිරීමට ජනමාධ්‍යය කරුවන්ට ඇති නිදහස වැදගත් වෙයි.මාධ්‍ය නිදහස යනුවෙන් අදහස් වන්නේ ප්‍රකාශ කිරීමේම අනුපූරකයකි.එම නිසා පුවත් වාර්තා කිරීමේදී සිය පාඨකයන් විසින් දැනගත යුතු අදාල තතු සහ මත අගතිගාමී ලෙස සැගවීමද ජනමාධ්‍යය කරුවන් විසින්ම මාධ්‍ය නිදහස ස්වයංවාරණයට හේතු විය හැකි බැවින් බියෙන් අත්මිදි වාර්ථාකරණය ඉටු කිරීමට ඇති හැකියාවක් ජනසමාජය තුල ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රජයක වගකීමකි.

ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යය සම්බන්දයෙන් සලකා බැලූ විට බොහෝ ජනමාධ්‍යය සිය වාර්ථාකරණය ඉටුකරන්නේ පොදු යහපත පිණිස පාලකයන් සහ පාලිතයන් අතර ප්‍රයෝජනවත් නිවහල් කතිකාවක් ඇති කර ගැනීමට වඩා මාධ්‍ය අයිතිකරුවන්ගේ අගතිගාමී අභිමතයන්ට වහල් වී බව පැහැදිලිය.මෙය වඩා බරපතල වන්නේ පවතින අධිපතිවාදය අභියෝග කිරීමෙන් තමන් සහ ආණ්ඩුව අතර ඇති ලාභදායී වයහාරික හෝ දේශපාලනික සම්බන්ධතාව පලුදු වේ යැයි යන බියෙන් හෝ තමන්ගේ පුද්ගලික ඕනෑඑපාකම් මත කටයුතු සිදු විය යුතු යැයි සලකන මාධ්‍ය හිමියන් මාධ්‍ය සංලේක්‍ය නිදහසට නොහොත් මාධ්‍ය කරුවන්ගේ වෘත්තිය අභිමතයට අනිසි ලෙස ඇගිලි ගැසීම් පටන් ගත් විටදීය.එවැනි වාතාවරණයක් යටතේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවකට වේදිකාවක් වීමට ජනමාධ්‍යයට පහසු නොවේ...

Thursday, 18 July 2019

හිට්ලර්...
ලෝක දේශපාලනයේ කතාබහට ලක්වන ඉතා ජනප්‍රිය පාලන ක්‍රමයක් ගෙන ගිය පාලකයෙක් ලෙස හිට්ලර් දැක්වීමට හැකි වෙයි.මොහුගේ උපත 1889 අප්‍රේල් 20 දායි. මොහු ඔස්ට්‍රියානු ජාතිකයෙකි.මොහුගේ දේශපාලන පක්ෂය ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයයි .මොහු 1913 දී ජර්මනියට ගොස් ලෝක සංග්‍රාමය සදහා ජර්මානු යුද හමුදාවට බැදුනි1919දී ජර්මානු කම්කරු පක්ෂයේ එන්.එස්.ඩී.ඒ.පී පුරෝගාමියා ලෙස සම්බන්ධ විය.1913 දී ඔහු මියුනිච් බලය අල්ලා ගැනීමට කල කුමන්ත්‍රණය නිසාවෙන් සිරගත කරන ලදි.1924 දී ඔහු නිදහස් කිරීමෙන් පසු හිට්ලර් ජර්මනිය විසින් ඇති කරගත් වර්සායි ගිවිසුම් පහර පිලිබදව ප්‍රතාපවත් කථිකයෙකු ලෙස නාසි ප්‍රචාරක ක්‍රියා හා ජර්මානු යුදෙව් විරෝධය සහ ප්‍රති කොමියුනිස්ට්වාදය ප්‍රවර්ධනය කිරීම මගින් මහජන සහයෝගය තමන් වෙත ඈදා ගත්තේය.හිට්ලර් නිතර යුදෙව් කුමන්ත්‍රණයක කොටසක් ලෙස ජාත්‍යන්තර ධනවාදය හෙලා දුටුවේය.

1933 දී නාසි පක්ෂය 1933 ජනවාරි 30 දා කුලපති වශයෙන් හිට්ලර්ගේ පත්වීමට තුඩුදුන් ඔහුගේ සභාගය විසින් හා හා පුරා කියා පැවැත්වූ නැවුම් මැතිවරණයෙන් පසුව ජර්මනියේ විශාල චන්දයක් ලබා තේරී පත්වූ නාසි පක්ෂය නාසීහු හැසිරවීමේ ක්‍රියාවලිය ආරම්භ කල මෙම නාසි ජර්මනිය වෛමාර් සමූහාණ්ඩුව තුල ජාතික සමාජවාදයේ ඒකාධිපති සහ අත්තනෝමතික මතවාදය මත පදනම්වූ ඒකපාක්ෂික ඒකාධිපති සක්‍රීය පනත සම්මත කිරීය.මොහුගේ ප්‍රථම ධූර කාලය වසර 6 කි.මොහුගේ දඩබ්බර විදේශ ප්‍රතිපත්තිය යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය පුපුරා යාමට බලපාන මූලික හේතුව ලෙස සැලකේ.ඔහු මහාපරිමාණ ලෙස ප්‍රතිසන්නද්ධ අධ්‍යනය කොට 1939 සැප්තැම්බර් මස 1 වන දින ජර්මනිය මත
යුද්ධයේ තිබූ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ප්‍රකාශ නිසා පෝලන්තය ආක්‍රමණය කළේය .1941 ජර්මානු හමුදා සහ යුරෝපීය ආරක්ෂක බලවතුන් අවසන් වනවිට යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ සිටියහ.සෝව්හියට් දේශය පරාජය කිරීමට අසමත් වීම සහ යුද්ධය බවට එක්සත් ජනපදයේ පිවිසුම් ආරක්ෂක මතට ජර්මනිය බල හා එය උත්සන්න පරාජයන් මාලාවකින් දුක් වින්දහ.යුද්ධයේ අවසන් දින තුල 1945 දී බර්ලීන්හි යුධ සමයේ හිට්ලර් තම දිගු කාලීන පෙම්වතිය ඊවා බ්‍රෝන් හා විවාහ විය.හිට්ලර්ගේ නායකත්වය හා වාර්ගික ගැන්වුනු මතවාද යටතේ නාසි තන්ත්‍රය ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් සාමාජීය වශයෙන් කා හටවත් අත්‍යවශ්‍ය වෙනත් වින්දිතයන් ලෙස සලකනු ලැබූ යුදෙව්වන් අවම වශයෙන් මිලියන 5.5 ක මිනිස් සංහාරය සදහා වගකිවයුතු විය. .

කෙසේ වුවද මෙලෙස ලෝක ඉතිහාසයේ ඉතාමත් දරුනු පාලනයක් ගෙනගිය පාලකයෙක් ලෙස මෙම හිට්ලර් දැක්වීමට හැකි වන අතර ඔහුගේ මරණය සිදු වූ ආකාරය දෙස බැලීමේදී අනපේක්ෂිත ලෙස යුද්ධයෙන් පරාජය වූ හිට්ලර් ඔහුගේ මූලස්තානය බර්ලීනයට ගෙන ගියේය .එහි චාන්සලර් මන්දිර භූමියේ තැනූ භංකරයට වී අවසන් දින කීපය ගත කලේය.අනතුරුව ඔහු සිය දිවි නසා ගැනීමට තීරණය කළේය.

Wednesday, 17 July 2019

සේනා දළබුවා..

පසුගිය කාලවකවානුවේ ලංකාවේ නිතර කතාබහට ලක් වූ මාතෘකාවක් ලෙස සේනා දළබුවා දැක්වීමට හැකි වෙයි.මෙහිදී මෙම සත්ව විශේෂයෙන් වැඩිපුර හානි පමුණුවා ඇත්තේ අනුරාධපුර පොලොන්නරුව මොනරාගල ආදී වියලි කලාපීය ගොවිබිම්වල ජනතාවයි.මොවුන් වැඩි වශයෙන් බඩ ඉරිගු වගාවන්ට මෙසේ හානි පමුණුවා ඇත.මෙම්ස් සත්ව විශේශයට එක් රැයකදී අක්කර සිය ගණනක භෝග වගාවක් කා දැමිය හැකි සහ භෝග ප්‍රභේද සිය ගණනකට පහර දිය හැකි බව වාර්ථා වෙයි.සේනා දළඹුවන් යනු සන්ධිපාදකයින් හෙවත් ආත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා වර්ගයේ ලෙසිඩොස්ටෙරා ගෝත්‍රයට අයත් spodopters frugiperda නම් සලඹයෙකුගේ කීට අවස්තාවයි.මේ සලඹයාගේ විශේශත්වය වන්නේ මොවුන් එක් වරකට බිත්තර 100 සිට 1000 දක්වා ප්‍රමාණයක් දැමීමයි.එමෙන්ම මෙම සලඹයා එක් රාත්‍රියකදී කිලෝමීටර 100 කට ආසන්න දුරක් පියෑඹීමට  සමත්කම් දක්වන බවත් කියවේ.එමෙන්ම මෙම සලඹයෙකුගේ කීට අවස්ථාව  වී තිරිඟු හා බඩ ඉරිගු වැනි භෝග වර්ග 80 කට අධික සංඛ්‍යාවකට හානි කරන බව ලෝක ආහාර සහ කෘෂිකර්ම ආයතනය  පවසයි.මෙම භෝග අතරින් මෙම දළඹුවා වඩාත් ප්‍රිය කරන්නේ බඩ ඉරිගු ශාකයටයි.මෙම සලඹයෙකුගේ සම්පූර්න ජීවන චක්‍රය දින 25-30 ත් අතර වෙයි.සුහුබුලා දමන් බිත්තර දින 3 කදී පමන පුපුරා කීට අවස්තාව වන සේන දළඹුවා බිහි වෙයි.මෙම කීට අවස්ථාව ශාකයේ කොටස් කා දමමින් දින 12 ක් පමණ වර්ධනය වෙයි.මෙහිදී මොවුන් සිහින් මකුළුදැල් වැනි කෙදිති භාවිතා කරමින් වෙනත් ශාක වෙත ගමන් කිරීමටද සමත්කම් දක්වයි.දිවා කාලයේදී ශාකයේ ගොබය ආශ්‍රිතව සැගව ගත කරන මෙම දළබුවා වඩාත් සක්‍රීය වන්නේ රාත්‍රී කාලයේදීය.

එමෙන්ම මොවුන් ලංකාවට ආගන්තුක සත්ව විශේශයෙකි.එම නිසා මොවුන් ආහාරයට ගන්නා ස්වභාවික සතුරු සතුන් මේ පරිසරවල හමු නොවන අතර මොවුන්ට ඉතා පහසුවෙන් බෝවීමේ ඉඩප්‍රස්තා ඇත .එමෙන්ම මොවුන් බිත්තර දැමීමේදී එක් වරකට විශාල බිත්තර ප්‍රමාණයක් දැමීම නිසා විශාල දලඹු ප්‍රමාණයක් එක් වර බිහි වෙයි .එබැවින් මොවුන් විනාශ කිරීම ඉතාමත් අපහසු කරුණකි.මෙම සේනාදළඹුවාට  විවිධ දේශගුණික තත්වයන් යටතේ ආරක්ෂාකාරීව ජීවත් වීමේ සහ පැතිරවීමේ හැකියාව තිබෙන බැවින් සහ පළිබෝධනාශකවලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන බව ඔප්පු වී ඇති බැවින් තත්වය ඉතා භයානක වෙයි.විශේශයෙන්ම එම තත්වය ලෝක ආහාර සුරක්ෂිත තාවයට බරපතල  අභියෝගයක් වන බවට තීන්දු කළ එම සංවිධානය විසින් ලෝකය පුරා සිදු කෙරෙන පාලන වැඩසටහනක් සදහා ඇමරිකානු ඩොලර් මිලියන 19 ක මුදලක් වෙන් කල  බව වාර්ථා වෙයි.

ලංකාවේ සේනා දළඹුවාගේ කරනු ලැබූ විනාශය බොහෝ ජනමාධ්‍යයන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත් වී තිබූ අතර මොවුන් පිලිබදව ලංකාවේ සියලුම ප්‍රදේශයන්හි කථාබහට ලක්විය.කෙසේ වෙතත් අද වනවිට නම් මෙම පුවත යම්තාක් දුරකට යටපත් වී ඇත...

පේෂලා වඩුගේ ..



Thursday, 11 July 2019

ලක්දිව පෙරහැර සංකල්පයේ ආරම්භය..

පෙරහැර යන වචනය පරිහාර ශබ්දයෙන් උපන් වචනයක් බවයි.මෙහි සාමානය අර්ථය ප්‍රථමයෙන් ගෙනයාම ගරුබුහුමන් දැක්වීම ආදියයි.මෙම පෙරහැර සංකල්පයෙහි ආරම්භය හා විකාශය සදහා හේතු කීපයක් බලපා ඇත.

  1. දේශපාලනික හේතු
  2. සංස්කෘතික හේතු
  3. ආර්ථික හේතු
  4. මානසික හේතු.
දේශපාලන හේතු දෙසට අවධානය යොමු කරන කල පෙර රජ වරුන් තමන්ගේ අභිමානය ප්‍රෞඩත්වය රාජ්‍ය ලීලාව ප්‍රදර්ශනය කිරීම සදහා ඇත්,අස්,රිය,පාබල යන චතුරංගනී සේනවෙන් යුක්තව මහ පෙරහරින් ගමන් ගත් අවස්තා ඉතිහාසයේ සදහන් වෙයි.රජතුමා ගමන් ගන්නා මග දෙපස සැරසීම ,මහා මාර්ගයට සුදු වැලි ඇතිරීම ,ධජ පතාක එසවීම,සිදු වෙයි.ජීවක වෙද මහතා සමග බුදු රදුන් බැහැ දැකීමට යන අජාසත් රජතුමා ඇතා පිට නැගී පෙරහරින් බුදුරජානන් වහන්සේ වෙත ගමන් ගත් බව එක්තරා සූත්‍රයක දැක්වේ.

සංස්කෘතික හේතු දෙසට අවදානය යොමු කර බලන කල දේශපාලන නායකයන් මෙන්ම ආගමික නායකයන් දාන වලට වඩම්මන අවස්ථාවල මෙන්ම ගම් දනව් සැරිසරා ගමන් කරන විට පේලියකට වැඩියහ..උන් වහන්සේලාගේ ගමන ශාන්ත විය.සකල ලෝවාසි ජනයාට හිත සුව පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස උන් වහන්සේලා පෙලට වැඩියහ .උන් වහන්සේලා වඩින මග දැනගත් සැදැහැවතුන් මග දෙපස අලංකාර කලහ.දීපංකර පාදමූලයෙහි නියත විවරණ ලබන සුමේධ තාපසයා මග දෙපස අලංකාර කලේය.මඩගොහොරුව සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට බැරි වූ නිසා මඩගොහොරුවෙහි දිගාවී බුදු බව ප්‍රාර්තනා කලේය ධජ පතාක රැගෙන සාධුකාර නාදයක් පවත්වා බුදු ,පසේ බුදු,මහ රහත් දාන වලට වැඩමවීම සංස්කෘතිකමය වශයෙන් හා ආගමික වශයෙන් පෙරහරේ ආරම්භය විය හැකිය.

ආර්ථික හේතු දෙසට අවධානය යොමු කරන විට ලංකාව කෘෂිකාර්මික රටකි.ආර්ථික වශයෙන් රට ස්වයංපෝෂිත කර ගැනීමටත් ගොවිජනතාවගේ ආර්ථික අවශයතා සපුරා ගැනීමටත් වර්ශාව ඉතා වැදගත් වෙයි.වැස්ස ලබා ගැනීමට නම් වැස්ස අනුකරණය කල යුතු බව පැරැන්නෝ සිතූහ.වැසි නොලැබුනහොත් සියලු කෘෂිකාර්මික භවබෝග විනාශ වී යන්නේය.එම නිසා බුදුරදුන්ට කරන පූජාවක් මෙන්ම බෞද්ධයන්ගේ ආර්ථිකය සංවර්ධය කර ගැනීමටත් වැස්ස වලාහක දෙවියන්ගේ පිහිට ලබාගැනීමටත් මෙම පෙරහරින් බෞද්ධයන් අපේක්ශා කලහ.වැස්ස වහින්නට මත්තෙන් එන අකුනු ගැසීම් විදුලි කෙටීම් වැහි වලාකුළු ආදිය මේ පෙරහරේ අංගයන් ලෙස දක්නට ලැබේ.මේ පෙරහර අවසන් වන්නේ වැහි පොද වැටෙන පරිදි දිය කැපීමේ මංගල්‍යයෙන් බව ජේ.බී දිසානායක මහතා පෙන්වා දෙයි...මෙලෙසින් පෙරහරේ ආරම්භය පිලිබද විවිද මත පවතියි..

Wednesday, 10 July 2019

පිළිලයක් වූ පිලිකාව..

වත්මන් සමාජයේ පිලිකා රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙයි.මීට පෙර කාලයේ නොඇසූ තරමට පිලිකා රෝගින්ගේ වර්ධනයක් මෙම කාලයේදී දැකිය හැකි වෙයි..වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු යුගයක් වුවත් පිළිකාවට නිසි ප්‍රතිකාර තවමත් සොයාගෙන නොමැත.පිලිකා ඇති වීමට බොහෝ හේතු සාධක ඇත.එහිදී එයින් මුල් තැනට පත් වන්නේ එක් හේතුවකි.එනම් මහළු වියේදී පිලිකා සුලභය යන හේතුවයි.මේ අනුව ආයු අපේක්ෂාව ඉහල යාමක් නිතැතින්ම සිදු වෙයි.

එංගලන්තයේ ඇමරිකාවේ පිලිකා රෝගීන් වැඩි වශයෙන් හමුවීමට මූලික වන ප්‍රධාන හේතුව මෙයයි.අපේ රටේද දැන් වැඩි වශයෙන් පිලිකා රෝගීන් හමුවීමට   මෙය ප්‍රධාන හේතුවයි.බොහෝ බටහිර රටවල මේ පිළිකා අවධානම ඉහල යද්දී ජනතාව ඒ පිලිබදව අවධානය ඉන් ආරක්ෂා වීමේ උපාය මාර්ගවල නිරත වූවත් අපේ රටේ ජනතාව අතර එවන් උනන්දුවක් දක්නට නොලැබීම එක් අතකින් අවාසනාවකි.පිලිකා සම්බන්දයෙන් සහ ඒවායෙන් වැලකීම සම්බන්දයෙන් අපේ සාමාන්‍ය ජනතාවගේ දැනුම අපේක්ෂිත අවමයටත් වඩා අඩුය.

පිලිකාවට කොයි කවුරුත් බොහෝ බය වෙයි.තිගැස්මක් ඇති වුවත් දියවැඩියාවට අධි රුදිර පීඩනයට එතරම් බියක් දැනෙන්නේ නැත.ඇතැම් පිලිකා අපගේ ඇවතුම් පැවතුම් මත හදාගන්නා ඒවාය.ආයාසයෙන් ඇතිවන පිලිකාද ඇත.පිලිකාවක් ඇති වන්නේ කෙසේද යන්න විමසූ විට අසාමාන්‍ය ලෙස බෙදෙන එහෙත් ස්වභාවධර්මය අනුව මිය නොයන සෛල විශේෂ නිසා පිලිකා ඇති වෙයි.සාමාන්‍යයෙන් සිරුර තුල පවත්නා සෑම සියළු සෛලයකටම වර්ධනීය අදියරක් ගුණනය වන අදියරක් මෙන්ම එම සෛල මිය යන අදියරක් ද පවතී.මේ ආකාරයට මේ ආකාරයට සෛලයක් ඇතිවීම ,පැවතීම,නැතිවීම ස්වභාවයයි.වයසට යන සෛලයක් බෙදීමේදී නියමාකාරයෙන් බෙදීම සිදු නොවී ඇතුවන අසාමාන්‍ය සෛල ශරීරයෙන් ඉවත් කිරීමට පවත්නා ස්වභාවික ආරක්ෂාකාරී ක්‍රියාවලිය Apoptosis ලෙස හැදින්වේ.නමුත් පිලිකා සෛල වර්ධනය වුවත් විනාශයට පත්වන අදියරට පැමිණීම එක් එක් පිළිකා විශේෂයට අනුව සිදුවෙයි.සාමානයෙන් සෛල බෙදීමකට ජාන විශේශ 4, ක් හේතු වෙයි.

  1. කොයි වෙලාවේ සෛල බෙදිය යුතුද යන්න තීරණය කරන oncogenes ජාන.
  2. කොයි වෙලාවේ සෛල නොබෙදිය යුතුද යන්න නියෝග කරන Tumour suppressor ජාන.
  3. කල් යල් බලා යම් දෝශ සහගත තත්වයක් සෛලයේ ඇති විට සෛලයට විනාශ වීමට නියෝග නිකුත් කරන apoptosis ක්‍රියාවලිය උද්දීපනය කරන suiside ජාන.
  4. ආපදාවට පත් DNA වෙතොත් එය අලුත් වැඩියා කරන DNA Repair ජාන
එමෙන්ම පිලිකා ඇති වීමට ප්‍රවේණිය බලපැවැත්විය හැකිය.ඇතැම් පිලිකා පවුල් සම්බවයක් සමගින් පැවතීම ඊට නිදසුනකි.එමෙන්ම පිලිකා වර්ගීකරනය කිරීමේදී එය සිව් වැදෑරුම් වෙයි.

  1. අස්ථි හා පේශි සම්බන්ධ සාධක මත හට ගන්නා පිලිකා 
  2. වසාගැටිති හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇසුරු කරගෙන හටගන්නා පිලිකා
  3. රුධිරය ආශ්‍රිතව හටගන්නා පිලිකා
  4. ශරීරයේ අපිච්චද ආශ්‍රිත ඇතිවන පිලිකා.
වෙයි.එමෙන්ම පිලිකාවට දැනට කරන ප්‍රතිකාර ලෙස

  1. ශල්‍යකර්ම 
  2. ප්‍රවිකිරණය
  3. කීමෝ තෙරපි
  4. ජාන චිකිත්සාව
ආදිය දැක්වීමට හැකි වෙයි...කෙසේ වුවද මෙම පිලිකාව වත්මන් සමාජයට ඉතාමත් පිලිලයක් බවට පත් වී ඇත...

Tuesday, 9 July 2019

සැමට පොදු වූ නීතිය.

නීතිය වූ කලී සමාජය පාලනය කරන්නකි.මෙයට විවිධ වූ අර්ථකථන ඇත.එහිදී සමාජයේ ජීවත් වන්නන් කීකරු විය යුතු හෙවත් අවනත විය යුතු රීතීන් සමූහයක් නීතිය වෙයි.
"නීතිය යුක්තිය පසිදලීමේ කාර්යයේදී රජයක් විසින් පිලිගනු ලබන්නාවූ සහ යොදා ගනු ලබන්නාවූ මූලධර්ම සමූහයක එකතුවකි."

කොයි ආකාරයකින් අර්ථ දැක්වුවද සමාජයක විනාශය හෝ පරිහානිය නොව එහි පැවැත්ම හෝ ආරක්ෂව සදහා සකස්වූ පිලිපැදිය යුතු රීතීන් නීතිය වශයෙන් හදුනාගත හැකිය.මෙම නීති පද්ධතීන් රටකින් රටකට පාලන තන්ත්‍රයකින් පාලන තන්ත්‍රයකට වෙනස් විය හැකිය.දියුණු සමාජයක් ගත් කල නීති පද්ධතීන්හි දක්නට ලැබෙන දියුණු ලක්ෂණ නොදියුණු සමාජයක නීති පද්ධතීන්හි දක්නට නොහැකිය .පිටත සිට බැලීමේදී එකී නොදියුණු සමාජයේ නීති පද්ධතියේ අසාධාරණ සහ අමානුෂික බවක් දැකිය හැකි වුවද ඒවා එම සමාජයේ මිම්මෙන් බැලූ කල එකී සමාජ රටාවට සරිලන සාධාරණත්වයෙන් යුක්ත බව පිලිගැනීමට සිදු වෙයි.අප ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තවමත් ඉතිරි වී ඇතැයි කියන සමාජයකය.අපට පාලන ක්‍රමයක් ඇත.ඒ පාලන ක්‍රමයේ  මූලික අත්පොත ලෙස සැලකෙන ආණ්ඩක්‍රම ව්‍යවස්තාවක් අප සතුව පවතී.

නීතිය සමාජයක ජීවත්වන සෑම වැසියෙකුගේම ජීවිතය හා බැදී පවතී.කෙනෙකුගේම උපතේ සිට මරණය දක්වා වූ ජීවිතයේ සෑම අවස්තාවකදීම නීතියේ අවශ්‍යතාව මතු වෙයි.එය සාමාන්‍යය පිලිගැනීමයි.පුලුල්ව සලකා බැලීමේදී උපතටත් පෙර සිට මරණය දක්වාත් මරණයෙන් පසු කාල සීමාව දක්වාත් නීතියේ බලපෑම පවත්නා බැව් පැවසිය හැකිය.එමෙන්ම ශිෂ්ඨ සම්පන්න සමාජයකට සංවිධිත නීතියක් අතයවශ්‍ය බව දැක්විය යුතුය.නොදියුණු සමාජයන්හි පවා නීතීන් නොවුවද රීතීන් වැඩි සමාජය යම් පදනමක පිහිටුවා ගැනීමේ දක්නට ඇති නිසාය.අපි කිසියම් පාලන පක්ෂයකින් පාලනය වන පාලිතයෝ වෙමු.හොදින් දන්නා පරිදි නීති පැනවෙන්නේ අපගේ වරණයෙන් හෙවත් කැමැත්තෙන් අප පාලනය කිරීමට වරම් ලබන පාලන කොට්ඨාසයකිනි.ලංකාවේ නම් පාර්ලිමෙන්තුව මගින් නීති සම්පාදනය කෙරේ.පාලකයෙක් වූ පමනින් තනි කැමැත්තට නීති සම්පාදනය කල නොහැකිය .නමුත් බහුතරයේ කැමැත්ත මත නීතියක් සම්පාදනය කල හැකිය.මෙම සෑම නීතියක්ම සම්පාදනය කිරීමේදී ප්‍රකාශ කෙරෙන්නේ ජනතාවගේ යහපත සහ සුබ සිද්දිය උදෙසා ඒවා පැනවෙන බවයි.ඇතැම් මත දාරීන් මේ නිසාම එම නීතිය පාලකයන් විසින් පාලිතයන් තම අභිප්‍රායන් සදහා හික්මවා ගැනීම පිණිස පනවා භාවිතාවේ යෙදවීමට ගෙන එන ලෝගුවකින් වැසූ කැපෙන ආයුධයක් හෝ උරුක් කල දබරගිල්ලක් සේ විග්‍රහ කරති .ඒ ඔවුන්ට අවශ්‍ය නීතිය මිස අපගේ නීතිය නොවේ යන්න ඇතමුන්ගේ අදහසයි.

කරුණු කෙන්සේ වුවද මිනිස් වර්ගයා පවතින තාක් කල් නීති පැනවීම සෑම පාලන ක්‍රමයක් මගින්ම සිදු වීම නොනවතින බව පිලිගත යුතය.එසේ නම් පැනවිය යුතු සහ පැනවිය හැකි නීතියට අවනත විය යුතුය.එමෙන්ම ඕනෑම සමජයක ජීවත්වීමට නීතිය  පිලිබද යම් දැනුමක් අවශ්‍ය විය යුතුය.නීතිය යනු සමාජයක ජීවත් වන්නන්ගෙන් එකිනෙකාට ඉටු විය යුතු යුතුකම් වගකීම් හා ඒවායේ සීමාවන් සම්බන්ද රීතීන් පද්ධතියක් යනුවෙන් හදුනාගන්නේනම් එවැනි නීතීන් පිලිබදව දැන සිටීම පුද්ගලයෙකුට ඉතා වැදගත් වෙයි..

පේෂලා වඩුගේ .

Monday, 8 July 2019

The Sun shine....

Where goes the sunahine
Here comes the rain
And heartache pain
What can I do but wait for you
Darling the days
I had were cold.

Now our separateways we go
It seems you want more
Than the love I can give
But i can't make you stay
And you've got your life to live

But if gets too rough call on me
Dreams of golden glare
Talking you a way form here
But if ever things that have to be
Turns your dreams around
Love and understanding is what you need

If you can't get enough
Call on me I'm so sad
Yore leaving its gonna to killen
Not to be with you but i want you
To be happy if heartaches
What you want then i want it too

So good bye with all my parayers
Forgot happiness in a world
Elesewhere
Should you arrive and its not there
Call oh me call oh me

Yes happiness
Wait for you elsewhere
Rember this
Should you arrive and its not there
Call on me call on me..

මයිකල් ජැක්සන්ගේ ගීත අතර ඉතාමත් අර්ථවත් ආදරයේ විරහව පිලිබද අපූරු වදන් පෙලක් ඇසුරින් රචනා වූ මෙම ගීතය ජැක්සන්ගේ ඉතා ජනප්‍රිය ගීතයක් ලෙස පෙන්වා දිය හැකි වේ.පරිසරයේ සිදුවන ස්වාභාවික සංසිද්ධි ඉතාමත් කලාත්මක ආකාරයෙන් මෙම ගීතය තුලට යොදාගෙන ඇත.ගීතයේ ප්‍රථමයෙන් කියවෙන්නේ ඉර බැසගෙන යන සන්දයා කාලයකදී වර්ෂාවක ලකුනු පරිසරයේ ඇතිවන බවකි.එවන් කාලගුණයක් තුලදී මෙම ගීතයේ කියවෙන පුද්ගලයාගේ සිතට තනිකමක්,පාලුවක්,ඇති වන බව මෙමගින් දක්වා ඇත.මොහුගෙන් ලැබෙන්නාවූ ආදරයට වඩා වැඩි ආදරයක් තරුණිය බලාපොරොත්තු වූ බවත් එවන් ආදරයක් මොහුට ලබා දීමට නොහැකි බවත් දක්වයි.

ආදරයේ ඇති විරහව ඉතාමත් සංවේදී ආකාරයකින් ජැක්සන්ගේ මෙම ගීතය තුල තැන්පත් වී ඇත.ගීතයේ එක් කොටසකින් දැක්වෙන්නේ මෙම පුද්ගලයාට තම පෙම්වතියගේ වෙන්වීම නිසා ජීවිතයෙන් සමුගෙන යාමට තරම් ඉතා දුකක් වී ඇති බවකි.තමන්ට අවශ්‍ය පෙම්වතිය සතුටින් තැබීමට වුවත් ඇයට අවශ්‍ය වී ඇත්තේ තමන් දමා යාමට බව දක්වයි.මොහු අවසානයේ දක්වන්නේ මොහු ඇයගෙන් සමුගන්නා බවකි.

ලොව ඉතා ජනප්‍රිය පොප් ගායකයන් අතර මයිකල් ජැක්සන්ට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි.මෙහිදී ඔහුගේ ගීත තුලින් ලොව බොහෝ රසිකයෝ ඔහුගේ කටහඩට වශී වී ඇති ආකාරයක් පෙන්වා දිය හැකි වෙයි.මෙයින් සමාජයේ තාරුණ්‍යය ඉලක්ක කර ගත් ගැටළුක් ඉතාම සංවේදී ආකාරයෙන් පෙන්වා දී ඇත
පවුල් දිවියක් නිර්මාණය කර ගැනීමට පෙර තරුණ තරුණියන් එකිනෙකා හදිනාගෙන ආදරය කරයි.එහිදී ඔවුන්ට විවිධ ප්‍රශ්න ගැටලු මතු වෙයි.ඒ කරුණු මානසික පීඩාවන්ට හේතු වෙයි.මෙම ගීතයෙන් එය ඉස්මතු කරයි .මෙලෙසින් මොහුගේ ගීත මගින් මතුපිට පෙනෙන අර්ථයට වඩා ඇතුලාන්තයෙන් පෙනෙන අර්ථය ඉතාමත් ගැබුරු එකක් බව පෙන්වා දීමට හැකි වෙයි...

පේෂලා වඩුගේ ....





පුවත්පත් තීරු ලිපි කලාව...

වර්තමාන පුවත්පත් කලාවේ ඉතාමත් වැදගත් මෙන්ම සුවිශේෂී අංගයක් ලෙස තීරු ලිපිය දැක්විය හැකි වෙයි.සම්මත පුවත්පත් කලාවේ සීමා බන්ධනයන් පමනක් නොව ඒ හා සබැදි රීතීන්ද අතික්‍රමණය කරමින් ඉදිරියට යන මෙම තීරු ලිපි කලාව කෙබඳුද යන්න විමසීමට ලක් කර බලන කල තීරු ලිපි රචකයා වනාහි අතිශය නිර්මාණශීලි පුද්ගලයෙකි. මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රවීණ ලේඛක දිවයින පුවත්පතේ ප්‍රදාන කතෘ ගාමිණී සුමනසේකර මහතා සදහන් කරන්නේ  තීරු ලිපි රචකයා අසාමාන්‍ය ප්‍රතිභාවකින් හෙබි ලේඛකයෙකු බවත් භාෂාව පිලිබදව මනා අවබෝධයක් ඇත්තෙක් බවත්ය .මාධ්‍ය ක්ෂේත්‍රය තුල තීරු ලිපි යන්න සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ column නමිනි.ලෝකයේ සෑම රටකම පලවන පුවත්පත්වල තීරු ලිපි වෙනම විශේෂාංගයක් වෙයි.මෙම තීරු ලිපියේ විශේෂ ලක්ෂණ ලෙස


  • බොහෝ විට තීරු ලිපි ලියන රචකයාගේ නම අන්වර්ථ ය.
  • බොහෝ විට තීරු ලිපිය පත්‍රයක පලවන්නේ නිරතුරුවම පලවන නිශ්චිත වූ එකම පිටුවක එකම ස්ථානයකය.
  • වැදගත්ම කරුණ වන්නේ තීරු ලිපි රචකයා භාවිතා කරන වයක්ත භාෂාවය.
  • තීරු ලිපියක් යනු උපහාසය මතු කරමින් ඉතා තියුණු ලෙසත් නිර්දය ලෙසත් සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ට දේශපාලකයන්ට පහර දෙන ලියවිලි විශේෂයකි.
වත්මන් සමාජය තුල සිව්වෙනි බලවේගය ලෙස සැලකෙන මාධ්‍යකරනය තුල සමාජ සංශෝධනයන් වෙනුවෙන් ප්‍රබල බලපෑමක් කල හැකි තීරු ලිපියෙහි අරමුණ පාඨකයන්ට බණ කීම හෝ අනුශාසනා කිරීම හෝ ඊට සමාන කාර්ය යැයි කිසිවෙකු සිතන්නේ නම් එය හුදු විකාරයකි.ඒ තීරු ලිපියක අරමුණ මීටවඩා පුලුල් අරුතකින් විග්‍රහ වන බැවිනි.ඒ නිසා ඉන් ඔබ්බට ගොස් පාඨකයාට යම් අර්ථ සම්පන්න යමක් තිලිණ කිරීම රචකයාගේ වගකීම වන අතර පාඨකයන් නොදුටු පැතිකඩක් පිලිබදව විවරණය කිරීමත් සමාජය තුල සිය ප්‍රස්තුතය පිලිබද පුලුල් සංවාදයක් ගොඩනැගීමත් මේ තුල වඩාත් වැදගත්‍ වේ...

කෙසේ වුවද සමස්ථයක් වශයෙන් ගත් කල පොදු ජනයාගේ හිත සුව පිණිස ලියවෙන ලියවිල්ලක් සේ සදහන් කල හැකි ය.මෙහි ඉතා සුවිශේෂී ලක්ෂණයක් ලෙස නිරවුල් බව දැක්විය හැකිය.එහෙත් මේ සියල්ල රදා පවතින්නේ රචකයාගේ නිර්මාණශීලිත්වය සහ තම ප්‍රස්තුතයන් පිලිබද කරනා සාර්ථක හෝ අසාර්ථක විග්‍රහයන් මතය.එමෙන්ම තම අරමුණු හා ඉලක්ක වඩා සංෂිප්තව ගොනු කිරීම මතය.එ නිසාවෙන් අනයවශය හෑලි විනා අවශ්‍ය කරුණුද මගහරිමින් අතයවශ්‍ය කරුණු පමනක් තම ලිපියට අදාල කර ගන්නේ නම් එය සාර්ථක තීරු ලිපි රචකයෙකුගේ සමර්ථභාවය වෙයි..

පේෂලා වඩුගේ ...

Sunday, 7 July 2019

Face book...

තාක්ෂණයයෙන් දියුණුතම මෙවලම් භාවිතා කරන වර්ථමාන සමාජයේ පුද්ගලයා තමන්ගේ සන්නිවේදනමය කටයුතු ඉටුකර ගැනීමටද ඉතාමත් දියුණු මෙවලම් භාවිතා කරයි.මෙහිදී වත්මනෙහි භාවිතා කරන සමාජ ජාල අතරින් ඉතාමත් ජනප්‍රියම සමාජ ජාලයක් ලෙස facebook දැක්විය හැකිය.වර්ථමාන සමාජයේ facebook ගිනුමක් නොමැති කෙනෙක් නැති තරම්ය .මෙහි ආරම්භය 2004 වර්ෂයේදී සිදු වී ඇත.මේ වන විට ලොව පුරා facebook පරිශීලකයන් ආසන්න වශයෙන් බිලියන දෙකක් පමණ සිටින අතර මෙහි නිර්මාතෘ වන්නේ මාර්ක් සකබර්ග් වෙයි.මෙහි යහපත මෙන්ම අයහපත් පැතිකඩ දැකිය හැකි වන අතර ලොව සිටින කවර හෝ පුද්ගලයෙක් සමග සබදතාවයක් ගොඩ නගා ගැනීමට මෙම සමජ ජාලයට ගත වන්නේ ඉතාමත් කෙටි වේලාවකි..එකී සබඳතා ඇතැම් විට ප්‍රේම සබදතා දක්වා වර්ධනය වී ඒ හරහා විවිධ චායාරූප හුවමාරු වී තරුණියන්ගේ ජීවිත වලට බල්පෑම් ඇති වන දේ මෙම facebook හරහා සිදු වී ඇත..

එමෙන්ම මෙම facebook හරහා හුවමාරු වන විවිධාකාර post  මගින් ජනප්‍රිය ප්‍රතිරූපයන්ට හානි එල්ල කරන ආකාරයක් දැකිය හැකිය.ඒ තුලින් ජනප්‍රිය ප්‍රතිරූපයන් විනාශ වීමක් දැකිය හැකිය.එමෙන්ම ජාතිවාදීන් අතර ගැටුමකට තුඩු දෙන කරුණක් ඉතාමත් ඉක්මනින් පැතිරවීමටද මෙම facebook හරහා හැකියාව ලැබී ඇත.ඒ තුලින් විවිද ගැටුම්කාරී තත්වයන් රට තුල නිර්මාණය විය හැකිය..මෙවැනි ඉතාමත් භයානක තත්වයන් මෙම face book හරහා ඇතිවිය හැක..

කෙසේ වුවද අද වන විට මෙම  facebook තාරුණ්‍යය ආකර්ශනය කරගෙන ඇති සමාජ මාධ්‍යක් ලෙස දැක්විය හැකිය...

Saturday, 6 July 2019

ලොවක් වශී කල සීගිරියේ තතු..

5 වන සියවසෙහි අග භාගයේ රජ කල කාශ්‍යප රජු විසින් නිර්මාණය කරන ලද සීගිරිය එදා මෙන්ම අදත් පෙර අපර දෙදිග රසවතුන්ගේ සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් ලොව අටවන පුදුමය ලෙස විශ්ව සම්මාන දිනීමට සමත්ව ඇත.සීගිරියේ ශේෂව පවත්නා නටඹුන් අතර ඉතා වැදගත් ස්ථානයක් සීගිරි බිතුසිතුවම් වලට හිමි වෙයි.මෙම බිතුසිතුවම් ලංකාවේ මෙතෙක් ආරක්ෂා වී ඇති ආදීතම චිත්‍ර අතරට එක් වෙයි.
සීගිරි බිතුසිතුවම් වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවියන්ගේ රූප පමනක් වීමත්‍ ය. මෙම චිත්‍ර ඇදීමේදී දේශීය අමුද්‍රව්‍ය භාවිතා භාවිතා කොට ඇති අතර
වර්ණ සකසා ගැනීමේදී වියලි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ .ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිලිබදව අදයනය කිරීමේදී සීගිරි චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි.ක්‍රි.ව 8 වන ශත වර්ෂයේදී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502 කගේ චිත්‍ර පිළිබද සදහන් වේ.ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇදී තිබෙන අතර ඊට අමතරව දැරණියගල ගුහාව වතුර වතුර බක්කිගල ගුහාව,නයිපෙන ගුහාව යන ස්ථාන වලින්ද සිතුවම් හමු වී තිබේ .මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ චිත්‍ර සදහා වස්තු විශය කර ගෙන ඇති අතර ඒකාකාරී රූප වඉලාකුළු වලින් නික්මෙන්නා සේ ඇද තිබේ .ඉගටියෙන් ඉහල නග්නව සිටින රන්වන් ලියන් තනපටියක් බැදගෙන සිටින නිල්වන් ලියන් කැටුව සිටිනඅයුරු දර්ශනය වන ජෝඩු සහ තනි අය වශයෙන් සීගිරි සිතුවම් කලාත්මක සුන්දර කාර්යන් උදෙසාම නිර්මාණය වූවකි.

දුටු දුටුවන් වශීකෘත කරන සීගිරිය විශ්මිත නිර්මාණයක් වන අතර දෙස් විදෙස් සංචාරකයින් විශාල සංකයාවක් නිරන්තරයෙන් පැමිණෙන අයුරු දැකගත හැකිය..

පේෂලා වඩුගේ ...

Thursday, 4 July 2019

මේ නගරය......

මේ නගරය මා ඔබ මුන ගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනුනගරයයි

වැව් ඉවුරේ දිය රල
පෙර සේම බිදෙනවා
නුග ගස් පෙල
අප නැතුවත්
තව දළුලනවා
සරසවි බිම කදු රැල්ලෙන්
එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත්
එහි යන්න හිතෙනවා....

ඔබ අත ගෙන
ගිය වීදියෙ
ඈ හා යනවා
සිගිති පුතා
අතැගිල්ලක
එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම්
යලි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි
කියා සිතෙනවා...


සරසවිය ආදරයට ලෙංගතු තෝතැන්නකි.ඈත එපිට ගම් දනව් වල හිද සරසවි සිහිනය සැබෑ කර ගත් පිරිස එකම පවුලක් සේ සරසවියේ මිතුදම් ගොඩ නගා ගනී.එහිදී ඇති වන සබඳතා අතරින් සරසවි ප්‍රේමය ඉතාමත් සුන්දර වූවකි.සරසවි දිවියේ ඇති කටුක බව සුන්දර වූ ප්‍රේමයෙන් වසා ලීමට හැකි වෙයි..

මෙම ගීතය සරසවි ප්‍රේමය පසුබිම් කරගෙන ලියවුනු ගීත අතරින් ඉතාමත්ම ජනප්‍රිය ගීතයකි.එහිදී ලංකාවේ සරසවි අතරින් සුන්දරත්වයෙන් උපරිමයට ලගා වී ඇති පේරදෙණිය සරසවිය ගීතයට ඈදා ගෙන ඇත.සරසවි ප්‍රේමයේ සුන්දරත්වය එලෙසින්ම විද ගැනීමට මෙය අපූර්ව තෝතැන්නකි..මෙහි මුල් පද මාලාවෙන් කියවෙන්නේ සරසවිය ඔවුන් මුණගැස්සවූ බවකි..එමෙන්ම මුණගැස්සවූ එම නගරයම ඔවුන් වෙන් කර ඇති බවක් ද්ක්වයි.ගීතයේ දැක්වෙන ආකාරයට අතීත ආවර්ජනයක් ගීතය තුලින් සිදු කරයි.එහිදී සරසවිය හා බැදුනු සුන්දර ස්ථාන දකින් ඔහුට ඒවා පිලිබද මතකය අලුත් වීමක් ඇති වෙයි.එමෙන්ම වැව් ඉවුර,නුග ගස් පෙල ,ඈතට විහිදී යන ක්දු රැල්ල ආදියෙන් ඔහුගේ අතීතය නිබදවම ඔහුට මතකයට නැගෙයි.ප්‍රේමයේ අතීත මතක නැවත ඉස්මතු වෙයි.

නමුත් දැන් අතීතය ගෙවී ගොස් ඔහු සරසවි ප්‍රේමයෙන් පැරදී වෙනත් ස්ත්‍රියක් හා විවාහ වී සිටින බවක් ගීතයෙන් කියවෙයි.එහිදී ඔහු ඒ කාලයේ ඇය සමගින් ගිය වීදියේ අද තම බිරිද සහ පුතු සමගින් ගියද අතීත මතක සැමරුම් ඔහුගේ සිත පාරන බවක් ගීතයෙන් ඉස්මතු කරයි.සරසවි ප්‍රේමය කොතරම් සුන්දර වුවත් එය විවාහයෙන් කෙලවර වන්නේ ඉතාමත් සුලු වශයෙනි.එහිදී සර්සවි ප්‍රේමය සරසවියට පමණක් සීමා වූවක්ද යන්න සිතට ඇතිවන පැනයකි.....

පේෂලා වඩුගේ ...

Tuesday, 2 July 2019

චෛතසිකයන් පාලනය කරන්නා වූ පුද්ගල බුද්ධිය........

මිනිසා තිරිසනාගෙන් වෙන් කර ගැනීමට හැකි ප්‍රබලතම සාධකයක ලෙස චෛතසිකයන් දැක්විය හැකිය .උපතේ සිට මරණය දක්වා කෙරෙන්නාවූ සියලුම කාර්යන්ට මුල් වන්නාවූ චෛතසිකයන් නිරන්තරයෙන්ම පුද්ගල දිවියේ තීරණාත්මක වූත් ප්‍රබලතම වූත් සාධකයකි.චෛතසිකයන් ගේ ස්වභාවය බුද්ධිය තුලින් තීරණය වන අතර ඒවායේ යහපත් බවට පුද්ගල බුද්ධිය සෘජුවම බලපායි.නීල අහස් ගැබෙහි ශ්වේත වර්ණ වලා විසිරී පවතින නමුත් වර්ෂාවක සලකුනු පැමිණෙන විට ඒවායේ ශ්වේත පැහැය වෙනස් වන්නා සේම එයට බලපාන හේතුව වන්නේ බුද්ධි මට්ටමේ ප්‍රමාණය මත ඔවුන් ගත කරන්නාවූ ජීවිතයේ ස්වභාවය කුමක්ද යන්න හදුනාගත හැක.ළමා විය තරුණ විය මැදි විය හා මහළු විය යන ජීවන චක්‍ර යේ සෑම අවදියක් තුලදීම විවිධාකාර බුද්ධිමය ස්වභාවයක් දිවියට එක් කර ගනී.චෛතසිකයන් හා බුද්ධිය අතර ඇති අභේදනීය සබැඳියාව කොතරම්ද යත් බුද්ධියෙන් තොර චෛතසිකයන්ගෙන් යුක්ත යහපත් සමාජ පසුතලයක් නිර්මාණය වන්නා සේම බුද්ධිය නැති වූ කල අයහපත් චෛතසිකයන්ගෙන් යුත් අයහපත් සමාජ පසුතලයක් නිර්මාණය වෙයි.....

පේෂලා වඩුගේ ....

Monday, 1 July 2019

ඩෙංගු මාරාන්තිකයි ..

වර්තමානයේ පුද්ගලයන්ට වැලදෙන රෝග අතරින් ඉතාමත් භයානක රෝගී තත්වයක් ලෙස ඩෙංගු රෝගය දැක්විය හැකිය .මෙය වෛරසයක් මගින් බෝවන රෝගයකි .මෙහි රෝග ලක්ෂණ ලෙසින්


  • ක්ෂණිකව හට ගන්නා තද උණ
  • තදබල හිසේ කැක්කුම
  • මාංශපේෂි හා හන්දිපත් රුදාව
  • සමෙහි ඇති වන පැල්ලම්
දැක්විය හැකිය.ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගයකි.එනම් ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් ය.ඔවුන් වැඩිපුර දෂ්ට කරනුයේ දහවල් කාලයේදී ය.ඩෙංගු වෛරසය කාණ්ඩ 4කි.ඒවා 1,2,3,4ලෙස වෛද්‍ය විද්‍යාවේ  නම් කර ඇත.මෙම ඩෙංගු වෛරසය ප්‍රතිශක්තිකරණ කිසිවක් තවම සොයාගෙන නැත.එම නිසා ප්‍රතිකාර ලෙස පලමුව සිදු කරන්නේ උණ වැලදී දින දෙකකින් පමණ සිදු කරන රුධිර පරීක්ෂණයක් මගින් නිශ්චිතව රෝගය හදුනා ගැනීමයි.හැකි තරම් වතුර ,පලතුරු යුශ ,ජීවනී වැනි දියර වර්ගද සේලයින් ප්‍රතිකාර දීමද යන ඒවා ඉන් අනතුරුව කරනු ලබයි .ඩෙංගු රක්තපාත ඇති රෝගියෙකු නම් තෙවන දිනයේ සිට සජලනය කල යුතුය.
ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති මෙම මාරාන්තික ඩෙංගු රෝගය වර්තමාන සමාජයට දැඩි බලපෑමක් එල්ල කරනු ලබන රෝගයකි.1960න් පසු ඩෙංගු රෝගයෙහි පැතිරීම ඉතා සීග්‍රයෙන් වැඩි විය.අද වන විට ලොව පුරා මිලියන 50-100ත් පමණ ප්‍රමාණයක් ඩෙංගු රෝගයෙන් වසරකට පීඩා විදිති.තමන් අවට පරිසරය නිතර පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු රෝගය තුරන් කර ගැනීමට හැකි වෙයි.....

පේෂලා වඩුගේ ...

Sunday, 30 June 2019

පුවත්පත් කලාව...

පුවත්පත් කලාව අතීතයේ සිටම පැවති ප්‍රබල සන්නිවේදන මෙවලමකි.පුවත්පත යනු කුමක්ද යන්න පිලිබදව විවිධ නිර්වචන පවතින අතර එහිදී
"මහජනතාව උනන්දුවක් දක්වන ප්‍රවෘත්ති වෙළෙඳ දැන්වීම් සාහිත්‍යය හා සම්බන්ධ කරුණු හා අනෙකුත් අංග ඇතුලත්ව දිනපතා හෝ සතිපතා හෝ පලකරන මුද්‍රිත මාධ්‍ය පුවත්පතකි.."
(ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය)

"අලුත් ආරංචි තොරතුරු ආදී ප්‍රවෘත්ති ජනතාවට දැන ගැනීමට සැලැස්වීම සදහා දිනපතා සතිපතා ආදී වශයෙන් නියමිත  කාලවකවානු තුලදී පල කෙරෙන පත්‍රය පුවත්පතයි..."
(හරිස්චන්ද්‍ර විජේතුංග ප්‍රායොගික ශබ්දකෝෂය ).
පුවත්පත අතීතයේ සිටම පුද්ගල සන්නිවේදන අවශ්‍යතා ඉටුකරන මෙවලමකි .අතීත පුවත්පතට වඩා වර්තමාන පුවත්පත සෑම අංශයකින්ම සාරවත් වී ඇත.සෙසු සන්නිවේදන හා සාහිත්‍යමය ලියවිලි වලට වඩා වෙනස් ස්වරූපයක් එයින් පෙන්නුම් කරයි.අතීතයේ පුවත්පත යොදාගෙන ඇත්තේ යුධාරම්භය,සොර සතුරු භය,ගිනි භය ආදී භයානක ආරංචිද භාණ්ඩ මිල වෙනස් වීම ආදි ප්‍රවෘත්ති ද රට තොට වල සිදු වන නොයෙක් කටයුතු හා ක්‍රියා යනාදී බොහෝ දෑ සැල කරනු ලබයි.එමෙන්ම පුවත්පත හා සමජය අතර සම්බන්ධතාවයක් පවතී.එහිදී

  • පුවත්පත ගුරුවරයකු ලෙස කටයුතු කරයි.
  • පුවත්පත මුරකරුවෙකු ලෙස කටයුතු කරයි 
  • පුවත්පත මත පිරික්සන මණ්ඩපයක් ලෙස කටයුතු කරයි .
එමෙන්ම වර්තමානයේ පුවත්පත අතීත පුවත්පතට වඩා පුලුල් මාධ්‍යකි.එයට බලපාන හේතු අතර
  • පුවත්පත අධ්‍යාපන මාධ්‍යකි.
  • පුවත්පත සිද්ධීන් ගවේෂණය කරයි.
  • පුවත්පත සංස්කෘතික වාහකයෙක් වෙයි 
  • පුවත්පත භාෂාව නිර්මාණය කරයි 
  • පුවත්පත තොරතුරු සපයන්නෙකි
  • පුවත්පත රස උත්පාදකයෙකි.
මෙම මූලික කරුනු පෙරදැරි කරගෙන පුවත්පත ක්‍රියාත්මක වෙයි.එමෙන්ම වර්තමාන පුවත්පතේ විශේෂාංග ගත් කල ඒවා ඉතා සුවිශේශි වෙයි.එහිදී 
  • ප්‍රවෘත්ති විශ්ලේෂණ විශේෂාංග 
  • ගවේෂණාත්මක විශේෂාංග 
  • මානුෂීය හැගීම් දනවන විශේෂාංග 
  • ක්‍රීඩා විශේෂාංග 
  • පාරිසරික විශේෂාංග 
  • තීරු ලිපි 
  • කාටූන් 
ලෙස දැක්විය හැක.මෙම විශේෂාංග වලින් නිර්මාණය වූ පුවත්පත අද වන විට පාඨකයාගේ විශ්වාසය දිනා ගත් සුවිශේශි සන්නිවේදන මෙවලමක් ලෙස දැක්විය හැකිය ..

පේෂලා වඩුගේ ....




සිත පෙලන තනිකම....

නිහඩ වූ රැය පුරා
හඩයි සිත නිදි වරා
නැගෙයි සිතිවිලි වහා
තනියි මට රැය පුරා..
සද නැගෙයි රැය වසා
එලිය දෙයි තරු වසා
අදුර ඇත ලොව වසා
තනියි මට රැය පුරා..
නිශ්චලයි රැය පුරා
ලොව නිදයි රැය පුරා
සිහිනයකි රැය සදා
තනියි මට රැය පුරා....

පේෂලා වඩුගේ ....
රාත්‍රිය.....

කාර්යබහුල ලෝකයෙන්
මොහොතකට මිදී
චංචලත්වයෙන්
ලෝකයම එකළු කල
රාත්‍රියේ හැඩය
විඩාවට ඔසුවකි
කුටුම්භ දිවියට
සතුට කැන්දමින්
පවුලේ සියල්ල
එකට එක් වෙමින්
උදාවන රාත්‍රිය
මිහිරිද කොතරම්ම්ම්ම්...

පේෂලා වඩුගේ ..
නොබිදෙන සහෝදර බැදීම...

බැදීම් පුද්ගල දිවියට බලාපොරොත්තු කැන්දන ශක්තිමත් බැම්මකි.ඇතැම් බැදීම් වරෙක පුද්ගල දිවියට ගෙන එන්නේ මහත් වේදනාවකි.ඇතැම් අවස්ථවන් වලදී එම වේදනාව දැරීමට නොහැකි වූ කල තමන්ගේ දිවි තොර කර ගන්නා පුවත්ද වර්තමාන සමාජයෙන් ඉතා ශෝකජනක ලෙස අසන්නට ලැබේ .එවන් වූ පසු තලයක සිට සහෝදර බැම්ම දෙසට දෑස් යොමන කල සැමදා එක ලෙස පවතින නොබිදෙන බැම්මක් ලෙස එය දැක්විය හැකිය .ශක්තිමත් සහෝදර බැම්මක් ජීවිතයට ගෙන එන්නේ නිබඳ ආරක්ෂාවකි.එකී පවුර කිසිදු බලවේගයකට බිදලිය නොහැකිය.එනම් ලොව ඇති කිසිවෙකුටත් වෙන් කල නොහැකි එකම බැම්ම සහෝදර බැම්මයි......

පේෂලා වඩුගේ ...
උපාධිය .....

දුෂ්කර වූ දිවි ගමනේ ජය ලැබීමට ඇති සුවිශේෂී සාධකයක් ලෙස ඉගෙනුම ප්‍රබල වෙයි.ඉපදුනු සමාජ තරාතිරම කුමක් වුවත් සුදුස්සාට සුදුසු දෙය ලැබෙන එකම අවිය ඉගෙනීමයි.කිසිවෙකුටත් සොරකම් කල නොහැකි කිසිම දිනක මිලට ගත නොහැකි ඉගෙනුම් රටාවේ කඩයිම් අතරින් වැදගත්ම කඩඉමක් ලෙස උපාධිය පෙන්වා දිය හැකි වෙයි.වර්තමානයේ සුදුස්සාට සුදුසු තැන නිරතුරු ලබාදෙන රාජ්‍ය විශ්වවිද්‍යාල අභිබවා පුද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් ලංකාවේ ගොඩනැගී ඇත.එවන් පසුබිමක් තුල බුද්ධියට නොව මිල මුදලට උපාධි ලබාදෙන තත්වයක් වර්ධනය වෙමින් පවතී.ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමට බලනුයේ බුද්ධි මට්ටමයි.එහීදී රටේ බුද්ධිමත් පිරිස රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීම අද වන විටත් විනිවිද භාවයකින් යුක්ත කරුනක් වුවද පුද්ගලික විශ්වවිද්‍යාල වලට වර්තමානයේ ඇතුළත් වන්නේ බුද්ධි මට්ටම කෙසේ වුවද මිල මුදල් යහමින් ඇති ඉහල සමාජ පංතීන් නියෝජනය කරන්නන්ය.මෙයින් කියවෙන්නේ සුපැහැදිලි බවෙන් මෙතෙක් පැවති ඉගෙනුම් රටාව අද වන විට මුදලට විකිනෙන බවද.?එනම් උපාධිය අද වෙළද භාණ්ඩයක් වීද යන්න ගැටළුවකි.....

පේෂලා වඩුගේ ..

Friday, 28 June 2019

තනිකම ......

සිතකට ඇතිවන
මිහිරකි වරකට
සිතකට ඇතිවන
සුසුමකි වරකට
පුද්ගල දිවියට
අරුමය ගෙනදෙන
තනිකම හැමවිට
තනිවේ සිත තුල.....

පේෂලා වඩුගේ


Thursday, 27 June 2019

සමලිංගික විවාහ ක්‍රමය.........

බන්ධනය විටෙක කර්කශ වූත් විටෙක සුන්දර වූත් හැගීමක් පුද්ගල දිවියට තිලිණ කරන්නා වූ නිපැයුමකි .තනිකමෙන් පාලුවෙන් සිටින ජීවිතය වාලුකා තලයක් නම් එයට සාරවත් ක්ෂේම භූමියක් වී පැමිණීමට බන්ධනයකට ඇත්තේ පුදුමාකාර හැකියාවකි .එවන් වූ බැදීම් අතරින් සරලත්වයෙන් ඔබ්බට ගොස් සංකිර්ණත්වය තුලින් ගොඩනැගුනු නෛතිකමය ආරක්ශාවක් ඇති බැම්මක් ලෙස විවාහය දැක්විය හැක .මනුසත් දිවියේ සාර්ථකත්වයට බලපාන සාධක අතරින් ප්‍රබල සාධකයක් ලෙස විවාහය දැක්විය හැක .සාම්ප්‍රදායිකත්වයෙන් මිදුණු නූතන සමාජයේ විවාහයේ නවීන ක්‍රමවේදයක් ලෙස සමලිංගික විවාහ දැක්විය හැකිය .විරුද්ධ ලිංගිකයා කෙරෙහි අතිවන ආකර්ශනය වෙනුවට සමලිංගිකයා කෙරෙහි ඇතිවන ආකර්ශනය මෙකී සමලිංගික විවාහ වලට මූලික පදනම සපයයි .ආදරයේ ආස්වාදය පුලුල් කරන්නාවූ සුන්දරතම හැගීම් අතරින් එකක් වන ශෘංගාරාත්මක රසය විරුද්ධ ලිංගික දෙදෙනා ලිංගිකව එක්වීම තුලින් ලොවට බිහිවන නව ජීවියා දැක්විය හැකිය .නමුත් සමලිංගික විවාහ තුලින් එවන් වූ දෙයක් සිදු වෙයිද යන්න ගැටළුකි .....

පේෂලා වඩුගේ ...
අම්මා......

ලොවක් සනසන 
ලොවක් නලවන
උතුම් පදවිය
දරන අම්මා
මිනිස් ලොව තුල
මිනිස් වෙසෙසින්
සැම විටම
රජ කරන අම්මා
උපන් දා සිට
රතු රුහිරු ලේ
කිරි වලට හරවා
දුන්නු අම්මා
හොද නරක දෙක
සූක්ෂම ලෙස
ආපට මැනවින් 
කියා දුන්නා
මවගෙ ආලය
මිහි මඩල තුල
කිසිදු දිනයක
නැති නොවේවා
උතුම් පදවිය 
ලෙසින් සැම දින 
මිහි මඩල තුල
නිති රැකේවා............

Monday, 24 June 2019

සිතක සිත්තම් වන සැකයේ සේයරුව ......

අකුරු තුනක් ලෙස
මිනිස් සිතක් තුල
සිතිවිලි කලඹන
සැකයේ හැඩරුව
නිරතුරු ගෙනදෙයි
සිතකට විඩාව
ආදර හදවත්
සැනෙකින් බිදලන
මනුසත් දිවියට
මරණය ගෙන එන
සැකයේ සිත්තම
දරුණුද කොපමණ .......

කන්‍යාවකගේ පවිත්‍රත්වය......


ආලයට ආලයෙන් 
රාගයට මුලාවෙන්
කාමයට ආශාවෙන්
නෛතිකව නොබැදුනු
චෛතසිකයන්ගෙන් බැදුණු 
කන්‍යාව පුදකරන 
පවිත්‍රත්වයත් 
ආලයක් නොමැතිව
රාගයක් හිතැතිව 
කාමයට ආශක්තව
නෛතිකව බැදුණු 
ලියමනට මායිමව
ශ්වේත වර්ණ යහනාවක
කන්‍යාවක් පුදකරන 
පවිත්‍රත්වයත්
කුලගනකගේ ඉරණම 
විසදන අපූරුව.........

පේෂලා වඩුගේ ...
Is භීතිකාව

සුපුරුදු ලෙස කිතු මිනිසුන්
පාස්කුවට පල්ලි ගියා
වෙනදා මෙන් දේව මෙහෙය
පල්ලිය තුල රැව් දුන්නා
නුපුරුදු වූ මහ හඩකින්
මුළු පෙදෙසම එකළු වෙලා
නිමේශයෙන් සියලුම දේ
අළු වීලා දැවිලා ගියා
රතු රුහිරය විසිවීලා
පල්ලියෙ බිම තෙත් වීලා
ලක් මවගේ මනු සිත් තුල
මර භිය යලි ඇති කරලා
එකාවන්ව සිටි මිනිසුන්
දැන් දෙපිලට වී බෙදිලා
Is භිය නැති වීලා
ලක් මව යළි සැනසීලා
සතුට සපිරි
ලක් දෙරණක්
යලිත් අපට
හිමි වේවා!!!!!!!

පේෂලා වඩුගේ .......

යොවුන් සරසවිය


රතු පාට මැයි මලින්
හාත්පස සුවද කල
කදු ගැටය පෙනෙන විට
සිතට සුව එක් කල
ගම් නගර පරතරය
ක්ෂනයකින් යා කල
බුද්දියෙන් ඔද වැඩුනු
සිත් සතන් එකලු කල
යොවුන් විය දිනෙන් දින
අර්ථයෙන් වශී කල
සරසවිය හැම  දිනම
නිසල වී වැජඹෙන ... 

පේෂලා වඩුගේ .....



පුද්ගල දිවිය පීඩා කරන මානසික ආතතිය .... පුද්ගලයෙකුගේ ශාරීරික හා මානසික යහපැවැත්ම අවධානමට ලක් කිරීමට හේතු වන සිදුවීම් හෝ අවස්ථාවන්ට මුහු...